පොලිස් මුල් පුටුවට ගිය අඹු සැමි යුවළ

ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ වෙනසක් ඇති කරමින්, ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලය හොබවන අඹු සැමි දෙපොළක් පොලිස් ස්ථානාධිපති තනතුරු සඳහා පත් කර ඇති...

පොලිස් මුල් පුටුවට ගිය අඹු සැමි යුවළ

ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ වෙනසක් ඇති කරමින්, ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලය හොබවන අඹු සැමි දෙපොළක් පොලිස් ස්ථානාධිපති තනතුරු සඳහා පත් කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

කටුනායක ගුවන් තොටුපළ පොලිසියේ ස්ථානාධිපති එල්මෝ මයිකල් ප්ලේට් සහ කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂිකා අප්සරා ක්‍රිෂාන්ති අබේසේකර මහත්මිය යන දෙපොළ මෙම තනතුරු සඳහා පත් කර ඇත.

අප්සරා ක්‍රිෂාන්ති අබේසේකර මහත්මිය, කෑගල්ල පින්දෙණිය පොලිස් ස්ථානාධිපතිනිය ලෙස වැඩ බලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් පත් කරනු ලැබ ඇත. ඇය අද (11) නව තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.

අප්සරා මහත්මිය කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිනිය ලෙස කටයුතු කරමින් සිටියදී, පින්දෙණිය පොලිස් ස්ථානාධිපතිනිය ලෙස පත් කරනු ලැබුවාය.

මෙම පත්වීම් ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ අඹු සැමි දෙපොළක් එකම වේලාවක ඉහළ තනතුරු හොබවන ප්‍රථම අවස්ථාව ලෙස සැලකේ.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3884893664635155092

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item