ඉඩම් වංචාවක් ගැන සේවකයෝ හෙළි කරති

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට, ජනතා වතු සංවර්ධන මණ්ඩලයට සහ රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත් මැදදුම්බර, පාතදුම්බර සහ උඩදුම්බර ප්‍රාදේශීය ලේකම...

ඉඩම් වංචාවක් ගැන සේවකයෝ හෙළි කරති

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට, ජනතා වතු සංවර්ධන මණ්ඩලයට සහ රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත් මැදදුම්බර, පාතදුම්බර සහ උඩදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පිහිටි ඉඩම් රැසක් විවිධ දේශපාලනඥයන්, ඔවුන්ගේ හිතවතුන්, රාජ්‍ය නිලධාරින් සහ ව්‍යාපාරිකයන් විසින් කූට ලෙස අල්ලාගෙන ඇති බවට තොරතුරු ලැබී ඇතැයි රාජ්‍ය වැවිලි සංස්ථාවේ සේවකයෝ පවසති. මෙම ඉඩම්වලට නීත්‍යානූකූල ලේඛණද සකසා ඇති බවටද ඔවුන් පෙන්වා දෙයි.

ඇතැම් රාජ්‍ය නිලධාරින් තම නිල බලය යොදා ගනිමින් ග්‍රාම නිලධාරින් සමඟ එක්ව මැදදුම්බර ප්‍රදේශයේ රජය සතු වටිනා ඉඩම් අක්කර 15 සිට 25 දක්වා අල්ලාගෙන ඇති බවට තොරතුරු ඇත. එමෙන්ම, ඇතැම් ව්‍යාපාරිකයන් අක්කර 50කට අධික රජය සතු ඉඩම් ඉහළ පෙළේ දේශපාලන නායකයන් හරහා පැවති ආණ්ඩුවල සහායෙන් ලබාගෙන ඇති බව වතු වෘත්තීය සමිති පවසයි.

මෙලෙස ලබාගත් බොහෝ රජය සතු ඉඩම්වලට නිසි තක්සේරු වටිනාකමට මුදල් ගෙවා නැති බවටද තොරතුරු ඇත. මෙම ඉඩම් ජාවාරම සඳහා ඇතැම් රාජ්‍ය නිලධාරින්, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සහ රාජ්‍ය වැවිලි සංස්ථාවේ නිලධාරීන්ද සහාය දක්වා ඇති බවට රාජ්‍ය ඉඩම් සහ රාජ්‍ය දේපළ සුරැකීමේ සංවිධානය පවසයි. එමෙන්ම, මෙලෙස ඉඩම් අත්පත් කරගත් බොහෝ පුද්ගලයන් මහනුවර දිස්ත්‍රික්කයේ නූපන් සහ ස්ථීර පදිංචියක් නැති අයවලුන් බවටද තොරතුරු ඇත.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6143142344725546778

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item