සත්ත්ව සංගණනය අවම වියදමකින් සිදු කිරීමට සැලසුම්

එමෙන්ම, කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ දීර්ඝ කාලයක් තිස්සේ සිදුවන සත්ව හානි පිළිබඳව තොරතුරු වාර්තා වුවද, ඒ සඳහා නිවැරදි තක්සේරුවක් නොකිරීම මත මෙම ...

සත්ත්ව සංගණනය අවම වියදමකින් සිදු කිරීමට සැලසුම්

එමෙන්ම, කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ දීර්ඝ කාලයක් තිස්සේ සිදුවන සත්ව හානි පිළිබඳව තොරතුරු වාර්තා වුවද, ඒ සඳහා නිවැරදි තක්සේරුවක් නොකිරීම මත මෙම සංගණනය ක්‍රියාත්මක කිරීමට යෝජනා වී ඇති බවත්, එමගින් නිවැරදි තක්සේරුවක් ලබා ගැනීමට හැකි වනු ඇති බවත් ඔහු පැහැදිලි කළේය.

මෙම සංගණනය සඳහා දිස්ත්‍රික්, ප්‍රාදේශීය හා ග්‍රාමීය මට්ටම්වල රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කර ඇති බවත්, ග්‍රාමීය මට්ටමේදී නිලධාරීන් සිව් දෙනෙකු ග්‍රාම නිලධාරී ප්‍රධානත්වයෙන් මෙම කාර්යය සඳහා දායකත්වය සපයනු ඇති බවත් වික්‍රමසිංහ මහතා පැවසීය.

"මෙම තොරතුරු රටේ ඉදිරි තීරණ ගැනීමට ඉතා වැදගත් වන අතර, කෘෂිකාර්මික කටයුතු සඳහා හානි අවම කර ගැනීමට අවශ්‍ය තීරණ ගැනීමටද ඉවහල් වේ. මෙම කාර්යය සිදුකරනු ලබන්නේ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ නිලධාරීන්ගේ සහය ඇතිව අවම වියදමක් යටතේය. මුද්‍රණ කටයුතු රජයේ මුද්‍රණාලය මගින් සහනදායි මිලකට සිදුකර ඇති අතර, පත්‍රිකාවක් මුද්‍රණය කිරීම සඳහා ශත 30ක් පමණක් වියදම් වී ඇත. ප්‍රවාහන කටයුතු සඳහා යම් වියදම් හැරුණු විට, වෙනත් කිසිදු වියදමක් ඇතුළත් නොවේ," ඔහු අවධාරණය කළේය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 396888097359164584

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item