කහටගස්දිගිලිය රෝහලේ අරුම පුදුම X-RAY යන්ත්‍රය
කහටගස්දිගිලිය ප්‍රාදේශීය රෝහලේ රුපියල් ලක්ෂ 113 ක වියදමින් ස්ථාපිත කරන ලද විකිරණ (X-Ray) ඒකකය 2021 වසරේ සිට මේ දක්වා වසා දමා තිබෙන බව ජාති...

කහටගස්දිගිලිය ප්‍රාදේශීය රෝහලේ රුපියල් ලක්ෂ 113 ක වියදමින් ස්ථාපිත කරන ලද විකිරණ (X-Ray) ඒකකය 2021 වසරේ සිට මේ දක්වා වසා දමා තිබෙන බව ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කළ නවතම විගණන වාර්තාවකින් හෙළිදරව් වී ඇත.
කහටගස්දිගිලිය ප්‍රාදේශීය රෝහලේ පිහිටි පැරණි ගොඩනැගිල්ලක් 2021 වසරේදී රුපියල් ලක්ෂ 35 ක වියදමක් දරා නවීකරණය කරන ලදී. එම ගොඩනැගිල්ලේ රුපියල් ලක්ෂ 61 ක මුදලක් ගෙවා විකිරණ යන්ත්‍රයක් මිලදී ගෙන සවි කර තිබුණි.
2022 වසරේදී, වසර දෙකක වගකීම් කාලයකට යටත්ව පුද්ගලික ආයතනයකින් මෙම විකිරණ යන්ත්‍රය මිලදී ගෙන තිබුණි. වගකීම් කාලය අවසන් වීමෙන් පසුව, වසර පහක කාලයක් මුදල් ගෙවා සේවා කිරීම සඳහා ගිවිසුම් ගත වී තිබුණි.
කෙසේ වෙතත්, මෙම යන්ත්‍රය භාවිතා කිරීමෙන් රෝගීන්ට කිසිදු ප්‍රතිලාභයක් ලැබී නැත. එසේ වුවද, විකිරණ යන්ත්‍රය සේවා කිරීම සඳහා පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් මේ දක්වා රුපියල් ලක්ෂ 17 ක මුදලක් වියදම් කර ඇති බව විගණන වාර්තාවේ සඳහන් වේ.
Related