විශ්‍රාමික මහාචාර්ය යුවළගෙන් කප්පම් ගත් පින්තාරු බාස් අල්ලයි
අත්අඩංගුවට ගෙන ඇත්තේ පිළියන්දල පැලැන්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 47 හැවිරිදි කුලී සේවයේ නිරත තිදරු පියෙකි. මීට වසරකට පෙර පින්තාරුකරුවෙ...

අත්අඩංගුවට ගෙන ඇත්තේ පිළියන්දල පැලැන්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 47 හැවිරිදි කුලී සේවයේ නිරත තිදරු පියෙකි. මීට වසරකට පෙර පින්තාරුකරුවෙකු ලෙස බම්බලපිටිය ප්‍රදේශයේ පිහිටි මහාචාර්ය දෙපළගේ නිවසෙහි පින්තාරු කිරීමට පැමිණි මෙම සැකකරු විශ්‍රාමික මහාචාර්ය දෙපළ සන්තකයේ මුදල් ඇති බව දැනගැනීමෙන් පසු රුපියල් ලක්ෂ 25, 12, 3, 5 ආදි ලෙස වරින් වර අදාළ දෙපළ බියගන්වා මුදල් ලබා ගෙන තිබේ.
පසුගිය පෙබරවාරි මස නැවත සැකකරු විසින් රුපියල් ලක්ෂ 8ක මුදලක් ඉල්ලා සිටි අවස්ථාවේදී අදාළ යුවළ විසින් සිය පදිංචි නිවස අතරහැර යාමට සූදානම්ව සිට ඇති අතර සිද්ධිය සම්බන්ධව එම දෙපළ විසින් අසල්වාසියෙකු සමග පවසා තිබේ. ඒ අනුව එම අසල්වැසියා විසින් මේ සම්බන්ධව බම්බලපිටිය පොලීසියට කරන ලද දැනුවත් කිරීම අනුව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ සැකකරු මෙම ලබා ගත් කප්පම් මුදල් යොදා සැකකරු සූදු ක්‍රිඩාවේ නියැලී ඇතැයිද තවත් මුදල් ප්‍රමාණයක් වියදම් කර තවත් ගෘහ උපකරණ කිහිපයක්ද මිලදී ගෙන ඇතැයිද පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු අද දින අලුත්කඩේ අංක 3 අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන 17 වැනි දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද නියෝග කර තිබේ.
Related