තියුණු ආයුධයකින් පහරදී තරුණයෙකු ඝාතනය කරයි

පානදුර, දකුණ - මාදුපිටිය ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී තරුණයෙකු ඝාතනය කර තිබේ.ඊයේ රාත්‍රී දෙපිරිසක් අතර ඇති වු ආරවුලක් දුරදිගයාමෙන් ම...

පානදුර, දකුණ - මාදුපිටිය ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී තරුණයෙකු ඝාතනය කර තිබේ.ඊයේ රාත්‍රී දෙපිරිසක් අතර ඇති වු ආරවුලක් දුරදිගයාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.

ගැටුමේ දී බරපතළ තුවාල ලැබු පුද්ගලයින් දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා පානදුර රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී එක් අයෙකු මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

මියගොස් ඇත්තේ 19 හැවිරිදි පානදුර, මාදුපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.ඝාතනයට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1567145722664984835

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item