තවත් සමීක්ෂණ වාර්තා 2ක් ජනපති අතට, බහුතර දිස්ත්‍රික්ක සංක්‍යාවක් සන්ධානය දිනවනවා

ඊයේ(09) දිනයේ ජනාධිපතිමෛත්‍රීපාල සිරිසේන මහතා හට මැතිවරණ සමීක්ෂණ වාර්තා දෙකක් ලැබී ඇති බව වාර්තා වේ. ඉන් එකක් රාජ්‍ය බුද්ධි අංශයෙන් සංශිප්ත...

ඊයේ(09) දිනයේ ජනාධිපතිමෛත්‍රීපාල සිරිසේන මහතා හට මැතිවරණ සමීක්ෂණ වාර්තා දෙකක් ලැබී ඇති බව වාර්තා වේ. ඉන් එකක් රාජ්‍ය බුද්ධි අංශයෙන් සංශිප්ත වාර්තාවක් ලෙසද අනෙක රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් සහ විශ්ව විද්යාල ආචාර්යවරුන් එක්ව සැදු වාර්තාවකි. රාජ්‍ය බුද්ධි අංශයේ සම්පුර්ණ අවසන් වාර්තාව තව දින තුනකින් ලබාදීම නියමිතය.

මෙම වාර්තා දෙනෙක්ම පවසා ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහණය වැඩි දිස්ත්‍රික්ක ප්‍රමාණයක වඩා පහසුවෙන් ජයග්‍රහණය කරන බවය. දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ වෙනම ඉල්ලීම නිසාත් සන්ධානයේ ජයග්‍රහණය වඩා තහවුරු වී ඇති බවත් සඳහන් වේ.

ජනතා විම්මුක්ති පෙරමුණේ චන්ද පදනම දිස්ත්‍රික්ක මට්ටමින් වැඩිවීම පෙන්නුම් කරන බවත් සදහන වේ.

මේ අතර අපවෙත තව දුරටත් වාර්තා වන්නේ, ජනාධිපතිවරයා තමාට ජනාධිපති ලෙස පත්වීමට උදවු වූ එක්සත් ජාතික පක්ෂයේ චන්ද වලට ඇති බැදීම හේතුවෙන් ප්‍රසිද්ධියේ එජාපය විවේචනය කිරීමේ අපහසු තාවයකින් සිටින අතර ඔහුගේ සහ ඔහුගේ උපදේශකයන්ගේ අදහස වී ඇත්තේ එජාපයේ පිරිසකට වඩා පහසුවෙන් සන්ධානයේ පිරිසක් සමග ආණ්ඩුව පවත්වාගෙන යාම පහසු වන බවය. 




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7381420093050175087

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item