ඡන්ද ප්‍රතිඵල වෙනස් කල බවට චෝදනා නැගෙයි - රනිල්ගේ ඥාති පුතුන් හොරෙන් ඇතුල් වෙලා

මැතිවණයේ ප්‍රථිඵල ලයිස්තු වෙනස් කර ඇති බවට ප්‍රදේශ කිහිපයකින්ම චෝදනා එල්ල වෙමින් තිබේ. සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රෝහණ දිසානායක ...

මැතිවණයේ ප්‍රථිඵල ලයිස්තු වෙනස් කර ඇති බවට ප්‍රදේශ කිහිපයකින්ම චෝදනා එල්ල වෙමින් තිබේ. සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රෝහණ දිසානායක මහතා පවසන්නේ මාතලේ දිස්ති‍්‍රක්කයේ සන්ධාන මනාප ලැයිස්තුව විකෘති කර ඇති බවත් ඊට එරෙහිව අධිකරණ කි‍්‍රයාමාර්ග ගන්නා බවත්ය.

මේ අතර කොළඹ දිස්ත‍්‍රික්කයේ මනාප ගණන් කිරීම විශාල වශයෙන් ප්‍රමාද වූයේද මනාප වෙනස් කිරීමක් නාසි බවට චෝදනා එල්ල වෙමින් ඇත. ගණන් කිරීමේ මධ්‍යස්ථානය වෙත රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ඥාති පුතුන් දෙදෙනෙකු ඇතුුල වී ඇති අතර ඊට දිනේෂ් ගුණවර්ධන මහතාගේ පුත් යදාමනි ගුණවර්ධන මහතා විරෝධය පල කර ඇත. රනිල් වික‍්‍රමසිංහගේ මනාප වෙනස් කරන්න කාලය ගන්නා බවත්, ඔහුගේ ඥාතින් දෙදෙනා මෙම ස්ථානයට ඇතුළු වූයේ කෙසේදැයි බන්දුල ගුණවර්ධණ, ගාමිනි ලොකුගේ ආදී පිරිස් දිස්ත‍්‍රික් ලේකම්වරයාට චෝදනා කර ඇත.

මේ අතර සන්ධානයෙන් කෑගල්ලට තරඟ කළ රාජිකා වික‍්‍රමසිංහ මහත්මිය පවසන්නේ දිස්ති‍්‍රක්කයේ සන්ධාන මනාප ප්‍රතිඵල රහසිගතව වෙනස් කර ඇති බවයි.

එම වඅස්ථාව වන විට රෝසි සේනානායක මහත්මිය ජයග‍්‍රහණය කර සිටියද ටික වේලාවකින් ඇය කැපී ගොස් හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර ජය ගෙන තිබේ. මේ සම්බන්ධයෙන් ඔවුන්ගේ ආධාරකරුවන් අතර මේ සම්බන්ධයෙන් උණුසුම් වචන හුවමරුවක්ද සිදුව තිබේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4061245646358832699

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item