ඇස්බැස්ටස් තහනම තීන්දුයි - සියලු රජයේ ගොඩනැගිලිවලින් ඇස්බැස්ටස් ඉවතට

ඇස්බැස්ටස් තහඩු භාවිතය වෙනුවට විකල්ප භාවිතයන් පිළිබදව සාකච්ඡාවක් අද (14) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිප...

ඇස්බැස්ටස් තහඩු භාවිතය වෙනුවට විකල්ප භාවිතයන් පිළිබදව සාකච්ඡාවක් අද (14) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි

ජනතාවගේ නිරෝගි සෞඛ්‍ය සම්පන්නභාවය ආරක්ෂා කිරීමේ අරමුණින් 2018 වසරේ සිට මෙරටට ඇස්බැස්ටස් ගෙන ඒම සම්පුර්ණයෙන් තහනම් කිරීමට පසුගියදා තීරණය කළ අතර අද පැවති සාකච්ඡාවේදී සියලූම ඇස්බැස්ටස් නිෂ්පාදනද 2018 වසරේ සිට තහනම් කිරීමට අවධානය යොමු කෙරිණි. මෙම සාකච්ඡාවට මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යාංශයේ ලේකම් උදය ආර් සෙනෙවිරත්න, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි, ජනාධිපති අතිරේක ලේකම් රෝහණ කීර්ති දිසානායක, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල ඇතුළු නිලධාරීහු සහභාගී වුහ.

මේ අනුව පළමු අදියරේදී පාසල්, රෝහල් හා සෙසු රජයේ ගොඩනැගිලි සඳහා ඇස්බැස්ටස් නොවන වෙනත් සෙවිළි තහඩු සහ ගොඩනැගිලි ද්‍රව්‍ය භාවිත කිරීමටයි සාකච්ඡාවේදී අවධානය යොමුව ඇත්තේ. ඇස්බැස්ටස් වෙනුවට දැනට හඳුනාගෙන ඇති විකල්ප වැඩිදියුණු කිරීමට හා දැරිය හැකි මිල ගණන් යටතේ ඒවා ජනතාවට හඳුන්වා දීමට ද අවධානය යොමුව තිබෙනවා. 




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 616688674156292418

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item