රවීගේ පාතාලයට සම්භන්ද නිලධාරියකු ඝාතනය කරන්න හැදූ දෙකක් අල්ලයි

රවි කරුණානායකගේ සම්බන්ධීකරණ නිලධාරියකු සහ පාතාල සාමාජිකයකු අයෙකු  ඝාතනය කිරීම සඳහා රුපියල් ලක්ෂ විස්සකට කොන්ත්‍රාත්තුවක් ලබාගෙන ඇතැයි කිය...

රවි කරුණානායකගේ සම්බන්ධීකරණ නිලධාරියකු සහ පාතාල සාමාජිකයකු අයෙකු  ඝාතනය කිරීම සඳහා රුපියල් ලක්ෂ විස්සකට කොන්ත්‍රාත්තුවක් ලබාගෙන ඇතැයි කියන තවත් පාතාල සාමාජිකයන් දෙදෙනකු ගිනි අවි සමඟ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.එම සැකකරුවන් දෙදෙනාට අදාළ කොන්ත්‍රාත්තුව ලබා දී ඇත්තේ කවුරුන්ද යන්න පිළිබඳව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ විශේෂ පොලිස් කණ්ඩායමක් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරගෙන යයි.මේ සැකකරුවන් දෙදෙනා ගමන් ගත් හයිබි්‍රඩ් මෝටර් රථය තුළ තිබී විදේශීය රටක නිෂ්පාදිත පිස්තෝලයක්, ජීව උණ්ඩ 8ක්, මන්නා පිහි දෙකක් හා ව්‍යාජ අංක තහඩුවක් මෝදර පොලිසිය විසින් සොයාගෙන ඇති අතර සැකකරුවන් කොළඹ අපරාධ කොට්ඨාසයට භාරදී තිබිණි.එහිදී හෙළිදරව් වූ තොරතුරු මත එක් සැකකරුවකු පිළිබඳව මතු වූ බරපතළ සැකයක් මත ඔවුන් ඊයේ උදේ ත්‍රස්ත විමර්ශන අංශයට භාරදී තිබේ. 
එම මෝටර් රථයේ සිටි තවත් සැකකරුවන් තුන්දෙනකු පලාගොස් ඇති බව පොලිසිය කියයි.සැකකරුවන් ගමන් ගත් මෝටර් රථය කොන්ත්‍රාත් පදනම මත කුලියට ලබාගත් මෝටර් රියක් බවද පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබේ.මෙම සැකකරුවන් අවුරුදු 21 සහ 22 වයස් සීමාවන්වල පසුවන පුද්ගලයන් බවද පොලිසිය කියයි. මෝටර් රියේ සිට පලාගිය අනෙක් සැකකරුවන් තිදෙනා කවුරුන්ද යන්න ගැන තොරතුරු හෙළිකරගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා තිබේ.
මේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකරගෙන් විමසූ විට ඔහු සඳහන් කළේ සිද්ධියට මැදි වී ඇත්තේ අමාත්‍ය රවි කරුණානායකගේ සම්බන්ධීකරණ නිලධාරියකු බවයි.පසුගිය 24 වැනි දින දහවල් 2ට පමණ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පක්ෂ කාර්යාලය දෙසට අතින් මුහුණු වසා ගෙන ඉණේ පිස්තෝල දෙකක් රඳවා ගත් සැකකටයුතු දෙදෙනකු පැමිණෙනු දුටු ඔහු ඔහුගේ මෝටර් රියේ නැඟ එම ස්ථානයෙන් ඉවත්ව ගොස් ඇති බවත් එවිට සැකකරුවන් දෙදෙනාද ඔහුගේ මෝටර් රිය ලුහුබඳිනු දැක ඒ බව ග්‍රෑන්ඩ්පාස් පොලිසියට දැනුම් දී තිබූ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය. සම්බන්ධීකරණ නිලධාරියා ටොරින්ටන් පෙදෙසේ පදිංචිකරුවෙකි.

පසුගිය මැතිවණය සමයේත් පාතාල සාමාජිකයන් තම මැතිවරණයට යොදාගත් රවී කරුණානායක මහා දවාලේ මහා මග යුධ පිටියක් කළේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4158180951203193588

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item