රවීගේ පරණ යකඩ හිතවතාට දුන් බදු සහනය නිසා ලංකාවේ ලක්ෂ 3ක පරණ යකඩ වෙළෙන්දෝ මහා පාරට

දිවයිනපුරා ලක්‍ෂ 3 ක පමණ පිරිසක්‌ වක්‍රව හා සෘජුව අබලි යකඩ එකතු කිරීමේ කර්මාන්තයේ යෙදී සිටිනවා. ඒ සියළු දෙනාම අද අසරණවෙලා. අපේ හඬට සවන්දෙ...

දිවයිනපුරා ලක්‍ෂ 3 ක පමණ පිරිසක්‌ වක්‍රව හා සෘජුව අබලි යකඩ එකතු කිරීමේ කර්මාන්තයේ යෙදී සිටිනවා. ඒ සියළු දෙනාම අද අසරණවෙලා. අපේ හඬට සවන්දෙන්න කවුරුත් නෑ. ඒක නිසා අප තීන්දුවක්‌ ගන්තා 16 දා තුන්දාහක්‌ පමණ කොළඹට ගෙනල්ලා සාමකාමී උද්ඝෝෂණයක්‌ කරන්න. ඊට අපට පොලිස්‌පති කාර්යාලයෙන් ලිතව අවසර ලැබුණා යෑයි සමස්‌ත ලංකා පරණ යකඩ එකතු කිරීමේ සංගමයේ සභාපති හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ආර්. විඡේකුමාර් පවසයි.

ඒ මහතා එසේ ප්‍රකාශ කළේ ලබන 16 දා උදැසන 10.30 ට කොළඹ ටෙක්‌නිකල් හන්දියේ සිට කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට ගොස්‌ පැවැත්වීමට සූදානම් වන උද්ඝෝෂණයේ සංවිධාන කටයුතු පැවරීම වෙනුවෙන් (09 දා) වත්තල සමාරා හෝටලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.

තවදුරටත් අදහස්‌ දැක්‌වූ විඡේකුමාර් මහතා, එදාට අපි තුන්දහක්‌ පමණ කොළඹට ගෙන්වන්න බලාපොරොත්තු වෙනවා. ඉන්දියාවෙන් ගෙන්වන යකඩ බිලට්‌ සඳහා ලබා දෙන බදු සහනය නිසා දේශීයව අබලි යකඩ මිල පහත ගිහිල්ලා. අපේ සල්ලි පිටරටට ඇදෙනවා.

අපිට ඉස්‌සර නගර සභාවලින් ප්‍රාදේශීය සභාවලින් ප්‍රසාද සහතික දුන්නා පරිසරයට හිතකාමීව අබලි යකඩ හා ද්‍රව්‍ය ඉවත් කිරීම නිසා. දැන් යකඩ විකුණගන්න බෑ. යකඩ ඉල්ලුම බිංදුවට බැහැලා. යාඩ්වල යකඩ ගොඩ ගැහිලා. පී. එච්. අයි. මහත්තුරු දැවිල්ලා දැන් අපිට නඩු දානවා, අපි මොනවා කරන්න ද?

අපේ රටේ යකඩ උණු කරන ආයතන අපේ යකඩ ගන්නේ නෑ ඒ අය ඉන්දියාවෙන් ගෙන්වන යකඩ බිලට්‌ ගන්නවා උණු කරන්න. ඒක නිසා අපේ කම්කරුවෝ, සේවකයෝ යකඩ වෙළෙන්දොa යකඩ ගොඩගහගෙන බලන් ඉන්නවා. අපි රජයෙන් ඉල්ලා සිටිනවා ඉන්දියන් යකඩ බිලට්‌ සඳහා ඇති බදු සහන ඉවත් කරලා අපේ යකඩවලට ඉල්ලුමක්‌ ලබා දෙන්න කියලා.

මෙම අවස්‌ථාවට සමස්‌ත ලංකා පරණ යකඩ එකතු කිරීමේ සංගමයේ ලේකම් ශෂිකුමාර් මහතා හා යකඩ කර්මාන්තයේ රැඳි සිටින සේවකයෝ, ව්‍යාපාරිකයෝ කම්කරුවෝ විශාල පිරිසක්‌ සහභාගි වී සිටියහ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

  1. යහපාලනේ , යහපාලනේ. ලංකාවේ මේ කර්මාන්තයේ යෙදෙන්නේ මුස්ලිම් සහ ද්‍රවිඩ ජාතිකයන්. වෙනසක් ඕන උනා නේ . අපිට මොකෝ. තොපිට ඔහොම වෙලා මදි.

    ReplyDelete

emo-but-icon

Related

පුවත් 1004394994317107019

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item