විමල්ගේ ප්‍රතිපත්තියට සජිත්ගේ ප්‍රසාදය

විමල් වීරවංශ විෂයභාර අමාත්‍යවරයා ලෙස සිටියදී හඳුන්වාදුන් ජාතික නිවාස ප්‍රතිපත්තිය ඉදිරියට ක්‍රියාත්මක කරන බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය ස...

විමල් වීරවංශ විෂයභාර අමාත්‍යවරයා ලෙස සිටියදී හඳුන්වාදුන් ජාතික නිවාස ප්‍රතිපත්තිය ඉදිරියට ක්‍රියාත්මක කරන බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසනවා. අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී අද (16) කියා සිටියේ විමල් වීරවංශ හඳුන්වාදුන් අදාළ ජාතික නිවාස ප්‍රතිපත්තිය ඉතාම වැදගත් එකක් බවයි. නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයට අදාළ කාරකා සභා අවස්ථාවේ විවාදයේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. සජිත් ප්‍රේමදාස සඳහන් කළේ අදාළ ප්‍රතිපත්තියේ ඇති ඌනතාවන් හා අඩුපාඩු මගහරවා ගනිමින් ගුණාත්මක, හරාත්මක හා ධනාත්මක කරුණු ඉදිරියට ගෙන යන බවයි.

නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය ඉදිරි දැක්මක් සහිතව ක්‍රියාකරමින් සිටිනවා. පීටර් කේනමන්ගේ සිට විමල් වීරවංශ අමාත්‍යවරයා දක්වා සියලු අමාත්‍යවරුන් නිවාස ප්‍රශ්නය විසඳීම සඳහා අඩු වැඩි වශයෙන් උත්සහ දරා තිබෙනවා. හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ගේ යුගය නිවාස ක්ෂේත්‍රෙය් ස්වර්ණමය යුගය බවද අමාත්‍ය සජිත් ප්‍රේමදාස සඳහන් කළා.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 925203194361690064

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item