කුඹුරු කොටන්න කලින් අන්තර්ජාලයේ ලියාපදිංචි වෙන්න - අන්තර්ජාලයේ ලියාපදිංචි විය යුතු බව ගොවීන් දන් නෑ

මහ කන්නයේ වී අස්වනු අලෙවි කිරීම සඳහා අන්තර්ජාලයේ ලියාපදිංචි විය යුතු බවට දැනුවත් නොවීම නිසා අනුරාධපුර දිස්ත්‍රික් ගොවි සංවිධාන නියෝජිතයෝ ...

මහ කන්නයේ වී අස්වනු අලෙවි කිරීම සඳහා අන්තර්ජාලයේ ලියාපදිංචි විය යුතු බවට දැනුවත් නොවීම නිසා අනුරාධපුර දිස්ත්‍රික් ගොවි සංවිධාන නියෝජිතයෝ දැඩි අපහසුතාවට පත්ව සිටින බව අප වෙත වාර්තා වේ. වී අලෙවි මණ්ඩලය වෙත 2015 - 2016 මහ කන්නයේ වී අස්වනු අලෙවි කිරීම සඳහා අන්තර්ජාලය ඔස්සේ ලියාපදිංචි වීමට අවශ්‍ය බව වී අලෙවි මණ්ඩලය හෝ ගොවිජන දෙපාර්තමේන්තුව ගොවි සමිති වෙත හෝ ගොවීන් වෙත නොදැන්වූ බව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවි සමිති නියෝජිතයෝ පැවසූහ.

රජයෙන් ලබාදෙන ඉහළ මිලට ගොවීන්ට සිය වී අස්වනු අලෙවි කර ගැනීමට නම් වී අලෙවි මණ්ඩලයට අයත් ඹඹඹ.නථඡ.ඨධම.තඬ වෙබ් අඩවියේ ලියාපදිංචි විය යුතු බවත්, එහි ලියාපදිංචි විය යුතු අවසන් දිනය වශයෙන් දක්වා ඇත්තේ ඊයේ (21දා) දිනය බවත් වී අලෙවි මණ්ඩල නිලධාරීන් පවසන අතර මේ පිළිබඳව දින 14කට ඉහතදී දැන්වීම් මඟින් ගොවීන් දැනුවත් කර ඇතැයි ඔවුහු පැවසූහ.

ඍජුව අන්තර්ජාලය හරහා ලියාපදිංචි විය නොහැකි ගොවීන්ට වී අලෙවි මණ්ඩල ප්‍රාදේශීය කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, විදාතා මධ්‍යස්ථාන, නැණසල මධ්‍යස්ථාන, ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා ලියාපදිංචි වීමට හැකියාව තිබූ බවත් එහි අවසන් දිනය ලෙස ඊයේ (21දා) දිනය නම් කර තිබූ බවත් වී අලෙවි මණ්ඩල නිලධාරීහු පැවසූහ. එහෙත් මේ පිළිබඳව තමන් කිසිදු දැනුවත් කිරීමක් සිදු නොවූ බව ගොවි සංවිධාන පවසයි.

තවද අන්තර්ජාල පහසුකමක් හෝ අන්තර්ජාලය භාවිත කිරීමේ දැනුමක් තමන්ට නැතැයි බොහෝ ගොවීහු පැවසූහ. නව රජය විවිධ උපක්‍රම භාවිත කරමින් ගොවියාට පහර ගසන බව ඔවුන් පැවසූ අතර අන්තර්ජාලය තියා තමන් කොම්පියුටර් තාක්‍ෂණයවත් නොදන්නා බව ගොවීහු පැවසූහ. ගොවීන් පෙන්වා දෙන්නේ මෙලෙස නවීන තාක්‍ෂණයට හුරු නැති ගොවියාගේ අස්වනු මිලදී ගැනීමට මෙැවනි ක්‍රමයක් භාවිත කිරීම අසාධාරණ බවයි.

බොරු මිලක් නියම කර පසුගිය සමයේ රජරට ගොවීන් වී ගබඩාගාණේ රස්තියාදු කළ බවත්, මෙවර නව උපක්‍රමයකින් පහර ගැසීම ආරම්භ කර ඇති බවත් ඔවුහු පැවැසූහ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1516661157651528315

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item