රටේ ගවයින් නොමරා මස් කන හැටි ජනපති කියයි

ශ්‍රී ලංකාවේ ගව මස් ආහාර ලෙස ලබා ගන්නන්ට ඒවා ලබාගත හැකි ආකාරයක් පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශයක් සිදු කළා. ශ්‍රී ලංකාව...

ශ්‍රී ලංකාවේ ගව මස් ආහාර ලෙස ලබා ගන්නන්ට ඒවා ලබාගත හැකි ආකාරයක් පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශයක් සිදු කළා. ශ්‍රී ලංකාවේ ගව සම්පත ආරක්ෂා කර ගැනීම සඳහා තමන් මෙම පියවර ගත් බවත් අදාල තීරණය මුදල් හා වෙළද අමාත්‍යවරයාට දන්වා ඇතැයිද ජනාධිපතිවරයා එහිදී සඳහන් කරනවා.  ඒ අනුව ගව මස් පිටරටින් ආනයනය කර ලබා දෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. පයාගලදී පැවති උත්සවයකට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසුවා. 

එහිදී ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ "පහුගිය දවස්වල අපේ අයවැය හදන කොට මම මුදල් ඇමතිතුමාට පැහැදිලි කළා, ගවයන් මරන්නේ නැතුව ගවමස් අවශ්‍ය අයට ගව මස් පිටරටින් ආනයනය කර ලබා දෙන ලෙස" " මම වෙළඳ ඇමතිවරයාට කියනවා මේ රටේ ගව සම්පත ආරක්ෂා වෙන්න ප්‍රධාන වශයෙන් ගව මස් පරිභෝජනයට පිටරටින් ගව මස් ගෙනත් දෙන්න කියලා" යනුවෙනි. තමන් කිසිම ආකාරයේ සත්ව හිංසාවකට විරුද්ධ බව ප්‍රකාශ කල ජනාධිපතිවරයා මස් මාංශ කෑමෙන් වැලකි සිටින අයෙකු ලෙස තමන්ට ඒ ගැන ප්‍රකාශ කල හැකි බවද සඳහන් කර තිබෙනවා.

 "මෙහෙ කලත් පිටරට කලත් මම කිසිසේත්ම සත්ව හිංසාව අනුමත කරන කෙනෙක් නෙවෙයි." යනුවෙන්ද ජනාධිපතිවරයා තවදුරටත් පවසා තිබුණා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2838612726863763156

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item