ඉලක්‌ක ජය ගන්නා තෙක්‌ අදහස්‌ වෙනස්‌ නොකරන බව ත්‍රස්‌තවාදීන් කියා තිබෙනවා - ගෝඨාභය රාජපක්‍ෂ

බූස්‌සේ රඳවා ගෙන සිටි ත්‍රස්‌තවාදීන් 200 කගේ මානසික තත්ත්වය පරීක්‍ෂා කිරීමේදී ඔවුන් සිය ඉලක්‌ක සපුරා ගන්නාතුරු ත්‍රස්‌ත අදහස්‌ ඉවත් නොකරන ...

බූස්‌සේ රඳවා ගෙන සිටි ත්‍රස්‌තවාදීන් 200 කගේ මානසික තත්ත්වය පරීක්‍ෂා කිරීමේදී ඔවුන් සිය ඉලක්‌ක සපුරා ගන්නාතුරු ත්‍රස්‌ත අදහස්‌ ඉවත් නොකරන බව පවසා ඇතැයි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජ්‍යපක්‍ෂ පැපිලියාන සුනේත්‍රාදේවි විහාරයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

ජාතික සංවිධාන එකමුතුව විසින් මෙම මාධ්‍ය හමුව සංවිධානය කර තිබුණි.

මෙහිදී එම ත්‍රස්‌තවාදීන් පැවසුවේ "ප්‍රභාකරන් නැති වුවත් කොටි සංවිධානය පරාජය වුවත් ඔවුන්ට භාර දී ඇති ඉලක්‌කය ඔවුන් ඉටු කරන බවයි. එකී ප්‍රකාශ හමුදා බුද්ධි අංශය සතුව පවතිනවා" යි හෙතෙම කියා සිටියේය.

රජය විසින් මුදාහැරීමට උත්සාහ කරන ත්‍රස්‌තවාදීන් අතර ගිරි සහ මොරිස්‌ නැමැති දෙදෙනකුද සිටින අතර කොළඹ ප්‍රදේශයේ ත්‍රස්‌තවාදී කටයුතු භාරව සිටියේ මොවුන් බවත් ඔවුන්ව අල්ලා ගැනීමට ආරක්‍ෂක අංශ විශාල පරිශ්‍රමයක්‌ දැරූ බවත් රාජපක්‍ෂ පැවසීය.

මේ දෙදෙනාව අල්ලා ගැනීමට අපි කොපමණ මෙහෙයක්‌ දැරුවාද කියලා වත්මන් රජයේ බලධාරීන් දන්නේ නැතැයි පැවසු රාජපක්‍ෂ මේ තොරතුරු හෙළි කරන්නේ ජනතාව බිය ගන්වන්නට නොවේ යෑයිද කීවේය.

යුද්ධය ආරම්භ වූ දවසේ පටන් 30,000 ක්‌ පමණ රණවිරුවන් ජීවිත පුදකර ඇති අතර 50,000 ක්‌ පමණ ආබාධිත තත්ත්වයට පත් වුණා යෑයි පැවසූ රාජපක්‍ෂ තමාගේ ජීවිතයෙන් වැඩිම කාලයක්‌ සටන් කර ඇත්තේ එක්‌සත් ජාතික පක්‍ෂය සමයේ යෑයිද කීය.

 



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3186604862298352928

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item