ඇඹිලිපිටිය එක්දරු පියාගේ මරණය ගැන අලුත්ම සාක්ෂියක්

ඇඹිලිපිටියේ සුමිත් ප්‍රසන්න ජයවර්ධන එක්දරු පියාගේ මරණය සම්බන්ධයෙන් පොලීසිය කවර ප්‍රකාශ සිදු කළද සාදය දින රාත්‍රීයේ කිසිදු ගැටුමක් සිදුනො...

ඇඹිලිපිටියේ සුමිත් ප්‍රසන්න ජයවර්ධන එක්දරු පියාගේ මරණය සම්බන්ධයෙන් පොලීසිය කවර ප්‍රකාශ සිදු කළද සාදය දින රාත්‍රීයේ කිසිදු ගැටුමක් සිදුනොවූ බව එම සාදය වීඩියෝගත කළ බව කියන පුද්ගලයා අද මාධ්‍යවේදීන් හමුවේ අවධාරණය කළේය.

නමින් අනිල් සංජීව නැමැති මොහු එදින තමන් මුහුණදුන් අත්දැකීම මාධ්‍යවෙත විස්තර කළේය.

‍‍සුමිත් ප්‍රසන්නගේ මරණය උඩ තට්ටුවකින් ඇද වැටීමක් සිදුනොවූ බවත්, මේ ගැන සාධාරණ පරීක්ෂණයක් පොලිස්පතිගෙන් ඉල්ලා සිටින බවත්, ඔහු සිය ප්‍රකාශය ලබාදෙමින් එහිදී ඉල්ලා සිටියේය.

ඔහු මාධ්‍යයට එම සිද්ධිය විස්තර කළේ පහත පරිදිය.

"මම තමයි මේ නිවසේ පැවැත්වුණු බිග් ගර්ල් පාටිය උ‍‍දේ ඉඳන් වීඩියෝ කටයුතු කළේ. රැ 11ට විතර මම මගේ වැඩ අවසන් කරලා සිංදු දෙකක් කියන්න ගියා. බෑන්ඩ් එක ගාවට. ඒ වෙලාවෙම තමයි පොලිස් ජීප් එකක් ඇවිත් මෙතන නතර කළේ. ඊට පස්සේ පොලිස් නිලධාරීන් තිදෙනෙක් පඩිපෙළ උඩට නඟින්න ආවා. ඊට පස්සේ පඩිපෙළ ගාව හිටපු තවත් පිරිසක් එක්ක ඒ ගොල්ලෝ බහින් බස්වෙනවා දැක්කා.

බහින් බස්වෙලා ඉවරවෙලා දෙ‍ගොල්ලො දෙපැත්තට ගියා. දෙපැත්තට ගියාට පස්සේ විනාඩි 30ට අඩු කාලයක් ඇතුළත පොලිස් ජීප් 3ක් ආවා. ඒ තුනෙන් ඇවිල්ලා 30ක් විතර බැස්සා. පොලු අරගෙන. ඒ ආපු සියලු දෙනා සිවිල් පිට ආවේ. ඒ.එස්.පී මහත්තයාත් ආවා ඒ.එස්.පී මහත්තයාත් සිවිල් පිට හිටියේ. ඊට පස්සේ මම මගේ ආරක්ෂාවට මේ ගොඩනැඟිල්ලෙම තුන්වැනි මහලේ තමයි මගේ ෂොප් එක තියෙන්නේ. මම ඒ ෂොප් එකට ගිහින් ඇතුළේ ලයිට් ඕෆ් කරලා දොර වහගත්තා. 

ඊට පස්සේ මට ඇතුළෙන් ඇහුණා වීදුරු කුඩුවෙන ඉතාම අධික ශබ්දයකුත් ගැහැණු කෑ ගහන හඬ. ගහන්න එපා බේරාගනියෝ.ඒ වගේ ශබ්ද ගොඩාක් ඇහුණා. ඊට පස්සේ විනාඩි 15ක් 20ක් විතර යනකුට උඩට 3 දෙනෙක් දුවගෙන එනවා ඇහුණා. ඒ දුවගෙන එනවාත් එක්කම කෙනෙකුට පහරක් වදිනවා ඩික් ගාන ශබ්දයක් එක්ක වීදුරුව කුඩුවෙන ශබ්දයක් ඇහුණා. 

ඊට පස්සේ පස්සෙන් ආපු කෙනා ඇහුවා මොකද කියලා. තව එක්කෙනෙක් කිවුවා. ඌ ගන්න දෙයක් නෑ. ලේ විලක් මැද වැටිලා ඉන්නේ කියලා. මම බයට දෙර ඇරලා බැලුවෙත් නෑ මම එහෙමම පැයක් විතර ඉඳලා තමයි එළියට බැස්සේ. එළියට බහිනකුට තමයි දන්නේ... මේ සුමිත් බිල්ඩින් එකෙන් පහලට දාලා පොලිසියෙන් ගහලා ඉස්පිරිතාලෙට අරන් ගිහිල්ලා කියලා. 

ඉතින් මට පොලිස්පතිතුමාගෙන් කරන්න තියෙන එකම ඉල්ලීම තමයි ඔබතුමා වෙන වෙන ප්‍රශ්නවලදී නම් ප්‍රකාශ කරනවා අපි මේකට සාධාරණයක් කරනවා කියලා. ඉතින් ඇයි මේ ප්‍රශ්නෙදී ඔබතුමා මෙතරම් නිහඬ ඔබතුමා යම් කිසි ප්‍රකාශයක් කරන්න මේ සම්බන්ධව ඒ නිලධාරීන්ට එරෙහිව විනය පරීක්ෂණයක් හරි කරනවා කියලා. අපේ හිත්‍ සැනසෙන්න.මොකද අහිංසක දරු පවුලක් නැති වුණා මේ ප්‍රශ්නෙන්.

විශේෂයෙන් මම එක දෙයක් කියන්න ඕන.මෙතන පොලීසියෙන් කියනවා ගැටුමක් ඇති වුණා කියලා. මෙතන තමන්ගේ පවුලේ එක පවුලේ දරුවෝ වගේ තමයි අපි සතුටුවේවී හිටියේ. අබමල් රේණුවක ප්‍රශ්නයක් වුණේ නෑ. උඹ නොදකින් කියා ගන්න ප්‍රශ්නයක් මෙතන වුණේ නෑ කියලා මම කියනවා."




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1579505085004927328

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item