කවුද මේ ශිවා පසුපති

කොටි සංවිධානය සිය උපදේශක ලෙස පත් කර තිබුණේ ශිවා පසුපති යි. වන්නි මෙහෙයුම යටතේ ශිවා පසුපති එක්‌සත් ජාතීන්ගේ සංවිධානය මගින් ඉල්ලීමක්‌ කරමින...

කොටි සංවිධානය සිය උපදේශක ලෙස පත් කර තිබුණේ ශිවා පසුපති යි. වන්නි මෙහෙයුම යටතේ ශිවා පසුපති එක්‌සත් ජාතීන්ගේ සංවිධානය මගින් ඉල්ලීමක්‌ කරමින් මෙහෙයුම නතර කිරීමට මැදිහත් වන ලෙස කියා සිටියේය. 

2003 වසරේ කොටි දේශපාලන කටයුතු කමිටුවේ සාමාජිකයකු ලෙස ප්‍රභාකරන් විසින් ෂිවා පසුපතිව පත් කර තිබුණි.

කොටි සංවිධානයේ අන්තර් වාර පාලන යෝජනා සඳහා මැලේසියානු මහාචාර්ය රාමසාමි සමග එක්‌ වී කෙටුම්පතක්‌ සකස්‌ කළේද ෂිවා පසුපතියි.

එම යෝජනාවලින් ඉලක්‌කය වුයේ තමිල් ඊළමයි. එහෙත් වසර 12 කට පසු ශිවා පසුපති මතු විය.

උතුරු මහ ඇමැති විග්නේශ්වරන් ඔහුට පවරා ඇති රාජකාරිය නව ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාව සඳහා යෝජනා සකස්‌ කිරීමයි. 

මේ පසුබිම මැද කොටි උපදේශක ලෙස කටයුතු කළ ශිවා පසුපති මෙන්ම විග්නේශ්වරන් ඇතුළු පිරිස උත්සාහ කරන්නේ බෙදුම්වාදී ඉලක්‌කය වෙත යැමට නොවේද?

මෙලෙස ඔස්‌ටේ්‍රලියානු පුරවැසියකුට මෙරට ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාව සකස්‌ කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කළ හැකිද?

ශිවා පසුපති නැමැති කොටි උපදේශකයාගේ අනික්‌ ක්‍රියාදාමය ජනතාවගේ දැන ගැනීමට අපි හෙළි කරන්නෙමු.

1. 2009 පෙබරවාරි 19 දා ෂිවා පසුපති තමා ඕස්‌ටේ්‍රලියානු මානව හිමිකම් සංවිධානයේ ප්‍රධානියා ලෙස හඳුන්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ජාති ඝාතනයන් සිදු වන බවත් එය නතර කිරීම සඳහා වහාම මැදිහත් වන ලෙසත් එක්‌සත් ජාතීන්ගේ මහ ලේකම් වෙත හදිසි සන්දේශයක්‌ යවමින් ඉල්ලා සිටිම.

2. 2009 මාර්තු 19 දා ෂිවා පසුපති හා කොටි හිතවාදී මැලේසියානු මහාචාර්ය රාමසාමි එක්‌ වී එක්‌සත් ජාතීන්ගේ සංවිධානය වෙත ලිපියක්‌ යවමින් වන්නි මෙහෙයුම නතර කිරීමට එක්‌සත් ජාතීන්ගේ සාම හමුදාවක්‌ යවන ලෙස ඉල්ලීම.

3. කොටින් වෙනුවෙන් අන්තර්වාර පාලන යෝජනාවලිය කෙටුම්පත් කරමින් ශ්‍රී ලංකාවේ 2/3 ක සාගර කලාපය කොටින්ට හිමි කරදීමට උත්සාහ කිරීම.

4.වන්නි මෙහෙයුම පිළිබඳව විමර්ශනය කිරීමට නිරීක්‍ෂණ කණ්‌ඩායමක්‌ යවන ලෙස ඕස්‌ටේ්‍රලියානු රජයෙන් ඉල්ලීමක්‌ කිරීම.

5. ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 1.9 ක මූල්‍ය ආධාරයක්‌ ලබා දීම නතර කරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉල්ලීමක්‌ කිරීම (මෙම ඉල්ලීම ඇතුළත් ලිපිය අප සතුව ඇත.

ශ්‍රී ලංකාවට එරෙහිව මෙවන් ෙද්‍රdaහි ක්‍රියා සිදු කළ ශිවා පසුපතිට දැන් ශ්‍රී ලංකාවට පැමිණ යාපනයට යැමට ඉඩ ලැබී තිබේ. එසේම ශ්‍රී ලංකාවේ නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සඳහා යෝජනා ඉදිරිපත් කිරීම පිණිස උතුරු මහ ඇමැති විග්නේශ්වරන් විසින් ශිවා පසුපති නම් කර ඇත. 

එහෙත් කොටින් වෙනුවෙන් අන්තර්වාර පාලන යෝජනාවලිය කෙටුම්පත් කළ ෂිවා පසුපති කෙරේ විශ්වාසය තැබිය හැකිද?



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6974043557620073253

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item