ගවයා පැළය කයි - නෝනා අයිතිකරුගේ ලිංගේන්ද්‍රය මිරිකයි

මැදිවියේ පසුවන කාන්තාවක් විසින් අසල්වැසි පිරිමි පුද්ගලයෙකුගේ ඇඳුම් ඉරා ලිංගේන්ද්‍රය දැඩි ලෙස මිරිකීමෙන් බරපතල තුවාල ලැබූ කැකිරාව මහවැලිසූ...

මැදිවියේ පසුවන කාන්තාවක් විසින් අසල්වැසි පිරිමි පුද්ගලයෙකුගේ ඇඳුම් ඉරා ලිංගේන්ද්‍රය දැඩි ලෙස මිරිකීමෙන් බරපතල තුවාල ලැබූ කැකිරාව මහවැලිසූරියගම ප්‍රදේශයේ පුද්ගලයෙකු ඊයේ (04) පස්වරුවේ ප්‍රතිකාර සඳහා හදිසියේ කැකිරාව රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු දඹුල්ල රෝහල වෙත මාරු කරනු ලැබුවා.

අදාළ කාන්තාව සහ පිරිමි පුද්ගලයා අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යෑමෙන් මෙම ගුටිබැට හුවමාරුවක් සිදුව තිබෙනවා.

මෙම කාන්තාවගේ අඹ පැළයක් අදාළ පිරිමි පුද්ගලයාගේ ගවයෙකු විසින් කා දමා ඇති අතර පසුව ඒ සම්බන්ධයෙන් බහින්බස්වූ දෙපාර්ශ්වය ගුටිබැට හුවමාරුවක් දක්වා ගොස් තිබෙනවා. සිද්ධියෙන් දෙදෙනාම බරපතල තුවාල ලබා දඹුල්ල හා අනුරාධපුරය රෝහල්වලට ඇතුලත් කර ඇති බවයි පැවසුනේ.

එම කාන්තාවද කැකිරාව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අනුරාධපුරය රෝහලට මාරුකර යවා තිබෙනවා.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 841594962064267584

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item