ඳළුතලෙන් බහින්න - යූඑන්පී දීගය ඇති!

පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා ජනාධිපතිවරයා සඳළුතලෙන් බැස යූඑන්පියට විරුද්ධව කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු  මන්ත්‍රී දිළුම් අම...

පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා ජනාධිපතිවරයා සඳළුතලෙන් බැස යූඑන්පියට විරුද්ධව කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු  මන්ත්‍රී දිළුම් අමුණුගම කියයි. යූඑන්පියත් සමග දීගකන ගමන් මැතිවරණය ජයගන්නේ කෙසේදැයි හෙතෙම ප්‍රශ්න කරයි.මහින්ද රාජපක්ෂ මහතා පළාත් පාලන මැතිවරණය මෙහෙයවීමට සම්බන්ධ නොකර ගන්නේ නම් පරාජයට ලෑස්තිවන ලෙසද ඒ  මහතා ශ්‍රීලනිපයට අනතුරු අඟවයි.ඒකාබද්ධ විපක්ෂය අද (21) පැවැත් වූ මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරඟ කරන ආකාරය ගැන ප්‍රශ්න කළ අවස්ථාවේදී මන්ත්‍රීවරයා මේ අදහස් පළ කළේය.එෆ්.සී.අයි.ඩීය වැනි තැන්වලට ශ්‍රීලනිපයට සහය දක්වන පිරිස් ගෙනයාම නිසා ජනතාව කලකිරී සිටින බවත්, තවදුරටත් එසේ වෙමින් තිබියදී නිදහස් පාක්ෂිකයින්ගෙන් පක්ෂය දිනවීමට ඉල්ලා සිටීම ප්‍රායෝගික නැතැයිද හෙතෙම පැවසීය.අද යහපාලන ආණ්ඩුවට ඇති එකම ප්‍රශ්නය ඒකාබද්ධ විපක්ෂය බවද ඔහු කියා සිටියේය.එම පිළිතුරට මැදිහත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා පෙන්වාදුන්නේ ජනාධිපතිවරයා යූඑන්පී ඔඩොක්කුවේ සිටියදී දිනන්නේ කෙසේද ලෙසයි.කොණ්ඩමයක් ඉවතදමන්නාක් වැනි තත්ත්වයකට ආණ්ඩුව පොලීසියද පත්කර ඇති බව සනත් නිශාන්ත මහතා එහිදී වැඩිදුරටත් පැවසීය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8309706959404101415

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item