සැමියා මරන්න ප්ලෑනක් ගහපු කාන්තාව රිමාන්ඩ් කරයි

විදේශ රටක සිටින පුද්ගලයකු සමඟ අනියම් ඇසුරක් පවත්වා තම ස්වාමිපුරුෂයා සතු අක්කර 5ක පොල් ඉඩමක් හා වෙනත් දේපළ අනියම් පුරුෂයාට ලබාදීම සඳහා තම ...

විදේශ රටක සිටින පුද්ගලයකු සමඟ අනියම් ඇසුරක් පවත්වා තම ස්වාමිපුරුෂයා සතු අක්කර 5ක පොල් ඉඩමක් හා වෙනත් දේපළ අනියම් පුරුෂයාට ලබාදීම සඳහා තම පුරුෂයා ඝාතනය කිරීමට අනුබල දුන් හා කුමන්ත්‍රණය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ දෙදරු මවක හඳුනා ගැනීමේ පෙරෙට්ටුවට ඉදිරිපත් කිරීම සඳහා හෙට (21) දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට මීගමුව අතිරේක මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ඩී.එම්.සී.එම්. දන්තසූරිය මහත්මිය නියෝග කළාය.

මෙසේ බන්ධනාගාර ගත වූයේ මීගමුවේ පදිංචි කාන්තාවකි. මෙම කාන්තාව හා ඇයගේ නීත්‍යනුකූල ස්වාමිපුරුෂයා ඉතාලියේ රැකියාව කරද්දී එහි රැකියාවක නියැළී සිටි පුද්ගලයකු සමඟ ඇය හිතවත්කම් පවත්වා ඇත. පසුව එකී තැනැත්තා මෙම කාන්තාව සමඟ අනියම් සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති බැව් පරීක්‍ෂණවලදී හෙළිවී තිබේ.

ඉඩම් හිමි වැවිලිකරුවකු වන කාන්තාවගේ විවාහක ස්වාමිපුරුෂයාට අයත් අක්කර 5ක පොල් ඉඩමක් මාදම්පෙ ප්‍රදේශයේ තිබී ඇත. එකී කාන්තාවගේ ස්වාමිපුරුෂයා ඝාතනය කර මෙම පොල් ඉඩම හා ඔහු සතු වෙනත් දේපළ අත්පත් කර ගැනීමට අනියම් සැමියා කාන්තාව සමඟ එකතු වී කුමන්ත්‍රණය කර ඝාතනය සඳහා කොන්ත්‍රාත්තුව භාරදී ඇති බව වැඩිදුරටත් සිදුකළ පරීක්‍ෂණවලදී හෙළිවී ඇත.

මිනීමැරීමේ කොන්ත්‍රාත්තුව භාරගත් අය පසුගිය තුන් වැනිදා මීගමුව කුරණ පරාක්‍රම පාර ඉදිරිපිටදී කාන්තාවගේ විවාහක ස්වාමිපුරුෂයාට ජීව අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති අතර ඔහු එම ප්‍රහාරයෙන් තුවාල ලබා මීගමුව රෝහලට ඇතුළත් කර තිබිණි.

මෙම බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ යැයි සැකපිට දෙදෙනකු මීගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පසු හෙට (21) දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර මෙම කාන්තාවද එදිනම හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1163579774156215328

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item