ඇන්ටන් ජෝන්ස් සමුගනී

ප්‍රවීණ ගායන ශිල්පී ඇන්ටන් ජෝන්ස් මහතා අද (21) පස්වරුවේ අභාවප්‍රාප්ත විය. කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා මිය යන විට...

ප්‍රවීණ ගායන ශිල්පී ඇන්ටන් ජෝන්ස් මහතා අද (21) පස්වරුවේ අභාවප්‍රාප්ත විය.

කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා මිය යන විට 79 වැනි වියෙහි පසු විය.

1950 දශකයේ දී සංගීත දිවියට පිවිසි ඇන්ටන් ජෝන්ස් මහතා එවකට සිදු වූ කාලීන සිද්ධි රැසක් ඇසුරින් නිර්මාණය කළ බයිලා ගීත ගායනය කිරීම මඟින් අතිශයින් ජනප්‍රියත්වයට පත් වූ අතර ඔහු ගැයූ මිනිගවුම, ආසයි බයයි බෝට්ටුවෙ නමයි, ප්‍රේමවතී මනම්පේරි, පොඩි විජේ, සේපාල ඒකනායක වැනි ගීත ඒ අතරින් ප්‍රමුඛ ය.

ඒ මහතාගේ දේහය කවුඩාන දෙහිවල පාරේ පිහිටි නිවසේ තැන්පත් කිරීමට නියමිත අතර ලබන බදාදා ජාතික කලා භවනේ ද තැන්පත් කිරීමට නියමිතව බව වාර්තා වේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1052691310069732287

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item