ජනපති ඒකාබද්ධ විපක්ෂය සමඟ සාකච්චාවක්

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරි දිනකදී තම කණ්ඩායම සමග සාකච්ඡා කරන බවට පොරොන්දුවක් ලබාදුන් බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. එහි සාමා...

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරි දිනකදී තම කණ්ඩායම සමග සාකච්ඡා කරන බවට පොරොන්දුවක් ලබාදුන් බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

එහි සාමාජික පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම සඳහන් කළේ ඊයේ (12) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී ජනාධිපතිවරයා මෙම පොරොන්දුව ලබාදුන් බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා අවස්ථාවක් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (12) පැවැත්වුණා.

පක්ෂයේ නායකත්වය විවේචනය කරන පුද්ගලයින්ට එරෙහිව විනය පියවර ගැනීමටයි එහිදී තීරණය කෙරුණේ. කෙසේවෙතත් තමන්ට පාර්ලිමේන්තුව තුලදී සිදුවන අසාධාරණකම් පිළිබඳව තම කණ්ඩායම ජනාධිපතිවරයාව දැනුවත් කළ බවයි කුමාර වෙල්ගම මන්ත‍්‍රීවරයා කියා සිටියේ. 

කෙසේවෙතත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද යාපා අබේවර්ධන සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමේ උවමනාවක් තම කණ්ඩායමට නොමැති බවයි.

ඉදිරි දිනකදී කතානායකවරයා සමග සාකච්ඡා කර තීරණයක් ලබාදෙන බවට ජනාධිපතිවරයා පොරොන්දුවක් ලබාදුන් බවයි මහින්ද යාපා අබේවර්ධන සඳහන් කරයි 




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3033041466477563533

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item