සෑම පුරවැසියෙකුගේම යුතුකම වියයුත්තේ ආත්මාර්ථයෙන් මිදී මානව හිතවාදීව කටයුතු කිරීමයි

"බහුතරයක් මිනිසුන්ගේ අභිප‍්‍රාය වන්නේ තමන් මුදල් උපයාගෙන, තමන්ගේ පවුලේ සාමාජිකයන් සමග සතුටි...


"බහුතරයක් මිනිසුන්ගේ අභිප‍්‍රාය වන්නේ තමන් මුදල් උපයාගෙන, තමන්ගේ පවුලේ සාමාජිකයන් සමග සතුටින් සිටීමයිි. ඒක තමයි ගොඩක් දෙනෙක්ගේ ආත්මාර්ථය. නමුත් අටාල, කුරුණෑගොඩ ස්වශක්ති සමාජ සංවර්ධන පදනම ගමේ පිරිස් එකතු කරගෙන, ගමට ක‍්‍රීඩාව, සතුට ගෙනෙන්න විශාල ප‍්‍රයත්නයක් දරනවා. ඒක තමයි පුරවැසියෙකුගේ සැබෑ යුතුකම. ජනතා නියේජිතයෙක් හැටියට එවැනි පිරිසක් සමග අත්වැල් බැඳගෙන කටයුතු කිරීමට ලැබීම පිළිබඳ මා සතුටු වෙනවා" යැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය අවධාරණය කරයි.

ඒ මහතා මෙම අදහස් පළකළේ අටාල, කුරුණෑගොඩ ස්වශක්ති සමාජ සංවර්ධන පදනම මගින් 10 වන වරටත් සංවිධානය කරන ලද රංජිත් සියඹලාපිටිය අභියෝගතා සය සාමාජික ක‍්‍රිකට් තරගාවලියේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වෙමිනි. මෙම තරගාවලිය පසුගියදා අටාල රනිල් ක‍්‍රිඩාංගනයේදී පැවැත්වූ අතර තරගාවලියේ ශූරතාවයට හිමි මුදල, අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විසින් ජයග‍්‍රාහී කණ්ඩායම වෙත පිරිනමන ලදී.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 435758394316972180

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item