ETCA ට එරෙහිව පේරාදෙණි සිසුන් උද්ඝෝෂණයේ (PHOTOS)
ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අත්සන් කිරීමට නියමිත (ETCA) ආර්ථික හා තාක්ෂණික වෙළඳ ගිවිසුමට විරෝධය පළකරමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් ...

https://www.sathhanda.com/2016/02/etca-photos.html
අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ මෙහෙයවීමෙන් මහනුවර ගලහ හන්දිය අසල පැවති මෙම විරෝධතාවය නිසා මහනුවර - කොළඹ මාර්ගයේ ගමනාගමන කටයුතු ද පැයක පමණ කාලයකට අඩාල වී තිබේ.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති චතුර චින්තක මහතා විරෝධතාවයට එක්වෙමින් ප්‍රකාශකළේ දෙරට අතර මෙම ගිවිසුම අත්සන් කළහොත් ඒ තුළින් ලංකාවේ ආර්ථිකය සම්පූර්ණයෙන් අඩපන වන බවත් මෙරට රැකියා වියුක්තිය බෙහෙවින් ඉහළ යන බවත් ය.
එම අවස්ථාවේ ඡායාරූප පහතින්.
මහනුවර - කමල් සුරවීර
Related