යම පාලනය පෙරලන්න යළි කොළඹ වටලන්න අපි සූදානම්

"මිත්‍රවරුනේ ඔබ අද කොළඹ නගරයට පැමිණියේ ශ්‍රිලංකා ඉතිහාසයේ දැවැන්තම ජන ගඟත් එක්කයි. මේක ලංකාවේ වාර්තාවක් නෙවෙයි ලෝක වාර්තාවක් මිත්‍රව...

"මිත්‍රවරුනේ ඔබ අද කොළඹ නගරයට පැමිණියේ ශ්‍රිලංකා ඉතිහාසයේ දැවැන්තම ජන ගඟත් එක්කයි. මේක ලංකාවේ වාර්තාවක් නෙවෙයි ලෝක වාර්තාවක් මිත්‍රවරුනේ. ලෝකයේ කිසිම රටක පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා වසරක් ඇතුලත මෙවැනි මහ ජන ගංඟාවක් අණ්ඩුවට එරෙහිව එක්රොක් වෙලා නෑ. ඒ නිසා අද ඔබගේ දෙපයේ ඇති සපත්තු කුට්ටම, සෙරෙප්පු කුට්ටම ගෙදර තියෙන සිහිවටනයක් විදිහට අරන්තියා ගන්න." යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල අදහස් පලකලේ පසුගියදා කොළඹ පැවති පාගමන අවසානයේදීය.
 
මේ ඇමරිකානු ඉන්දීයානු ගැති රූකඩ ආණ්ඩුව එළවා දමන මහා දේශප්‍රේමී අරගලයේ පළමු වෙඩිමුරය වන ජන සටන පාද යාත්‍රාවේ ඔබ ජිවමාන සාක්ෂිකරුවෙක් කියන්නයි ඔබගේ දෙපයේ රැදී තියෙන සපත්තුවට සෙරෙප්පුවට පුළුවන් වෙන්නේ. ආණ්ඩුව දැවැන්ත බලපෑම් කරලා කාකිසුට් පෙන්නලා , උසාවි නියෝග ගෙනල්ලා , අපිව කළුවරේ තියලා , පිට්ටනි අහිමි කරලා බය කරන්න හැදුවා, රනිල් මහත්තයා සිරිසේන මහත්තයා දන්න සෙල්ලම් ඔක්කෝම දැම්මා. ඒ වුණාට අපි කොළඹට අවා. යකාට බය නැති හින්දයි අපි සොහොනේ ගේ හදා ගෙන ඉන්නේ කියලා අපි ආණ්ඩුවට කියනවා.

19වන ව්‍යවස්ථාවේ සක් පිබලා බෙරගහලා ස්වාධින පොලිස් කොමිසමක් ගෙනාවා. මෙන්න පොලිසිය ස්වාධින කලෝ කියලා ඔතපු රෙදි කඩේ ගලවලා පොලීසියේ කොළපාට යට ඇදුම රටටම පෙන්වන්න අපිට පුළුවන් වුණා. බෙරගහලා ස්වාධින කොමිසන් කොහේ දැම්මත් සිරිකොතේ ඉන්න බලුකුක්කෙකුට පොලිස්පති තොප්පිය පලදලා ඉජු කිව්වම වලිගේ වනන්න උසි කිව්වම බුරා පනින පොලිසියක් හදලා ඉවරයි කියලා පසුගිය දවස් පහේ අපි ලෝකේටම පෙන්නලා හමාරයි. අපි දන්නවා පොලිසියේ අහිංසක නිලධාරින් තමන්ට ඉහලින් ලැබුණු නියෝග ක්‍රියාත්මක කළේ පිළිකුලෙන්, කෙන්තියෙන්. අපි දන්නවා ලොක්කො යටි පතුල් ලෙව කෑවට ඔබ ඉන්නේ කේන්තියෙන් හදවතින් අපිත් එක්ක කියලා.

මිත්‍රවරුනේ ආණ්ඩුව දැන් පිලුණු වෙලා ඉවරයි. මේ ලක්ෂ සංඛ්‍යාත ජනතාව පාරට බැහැලා කිව්වේ ජනවාරි අට ලැබුණු ජනවරම දැන් නෑ. අගෝස්තු දාහත ලැබුණු ජනවරම දැන් නෑ. ඒක ආණ්ඩුව දන්න නිසයි පුංචි ඡන්දය තියන්නේ නැත්තේ. කිසියම් ආණ්ඩුවක් ඡන්ද කල්දානවාද ඒක ප්‍රජාතන්ත්‍රවාදී විරෝධි ඒකාධිපති ආණ්ඩුවක්. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා මේ අපේ පළමු රතු එළි දැල්වීම පමණයි. මාස තුනක් ඇතුලත පුංචි ඡන්දය ප්‍රකාශයට පත් කරලා මේ ආණ්ඩුව කෙරෙහි ජනතාව තුළ කැකැරෙන පිළිකුල එළියට දාන්න ඉඩ නොදුන්නොත් මේ ජන ගඟ අරගෙන අපි නැවත කොළඹ එනවා. අපි කොළඹ එන්නේ හයිඩ් පාක් යන්නවත් ලිප්ටන් වටරවුමට යන්න නෙවෙයි. අපි එන්නේ ජනපති අගමැති මන්දිර වටලලා ඒකාධිපතියන් එළවලා දේශප්‍රේමි ප්‍රජාත්‍රන්තවාදී ජනතාවගේ ආණ්ඩුවක් පිහිටුවන්න කියලා සිහපත් කරමින් ඒ අරගලයේ උත්තරීතර දවස එනතුරු මේ සටනේ අවසානය වනතුරු අපිත් එක්ක ඉන්න කියලා තමුන්නාසේලාට ආරාධනා කරනවා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1665186699103470626

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item