දෙමටගොඩ පැහැරගැනීමට හිරුණිකා ඇතුළු 9කට අධි චෝදනා
පාර්ලිමේන්තු මන්ත‍්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු විත්තිකරුවන් 9 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයේ අධි චෝදනා ගොනුකර ...
https://www.sathhanda.com/2016/08/9.html
පාර්ලිමේන්තු මන්ත‍්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු විත්තිකරුවන් 9
දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයේ අධි චෝදනා ගොනුකර
තිබෙනවා. ඒ, ඉකුත් වසරේ දෙසැම්බර් මස 21 වෙනිදා දෙමටගොඩ ප්‍රදේශයේදී
තරුණයෙකු පැහැරගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන්. චෝදනා 29ක් යටතේ
නීතිපතිවරයා විසින් ඔවුන්ට එරෙහිව මෙලෙස මහාධිකරණය හමුවේ නඩු පවරා
තිබෙනවා. අමිල ප්‍රියංකර නමැති තරුණයා පැහැරගෙන යාම, පහරදීම, සාපරාධී
බියගැන්වීම සහ බලහත්කාරකම්පෑම යන චෝදනා යටතේ මෙලෙස නඩු පවරා ඇති බවයි
අධිකරණකරණයෙන් වාර්තා වෙන්නේ.
සාපරාධී පැහැර ගනීම, බලෙන් රඳවා
තැබීම සහ පහරදීම ඇතුළු චෝදනා ගණනාවක් යටතේ චෝදනා ලැබූ හිරුනිකා පසුව දැඩි
මාධ්‍ය සහ විපක්ෂයේ විවේචන හමුවේ අත්අඩංගුවට ගෙන සුළු මොහොතකින් නිදහස් කරන ලදී.
Related