ආණ්ඩුව හොරෙන් බදු ගහන්න ගිහින් තිබුන ටිකත් නැති උනා - විමල් වීරවංස

මේ අය රටේ නීතිය හෝ රාජ්‍ය පාලනය ගැන 'අය'යන්න,'ආ'යන්න හෝ නොදන්නා බවත් හොර පාරෙන් බදු ගහන්න ගිහින් ආණ්ඩුවට ලැබුණු බදු ටික...

මේ අය රටේ නීතිය හෝ රාජ්‍ය පාලනය ගැන 'අය'යන්න,'ආ'යන්න හෝ නොදන්නා බවත් හොර පාරෙන් බදු ගහන්න ගිහින් ආණ්ඩුවට ලැබුණු බදු ටිකත් නැතිවුණු බවත් විමල් වීරවංශ කියා සිටියේ අද(09)කොළඹදී ඒකාබද්ධ විපක්ෂය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකදීය.

ප්‍රථමයෙන්ම මෙම පනත අධිකරණය විසින් බල රහිත කළ පසු බොරුවට තවත් පනතක් ගෙන ආ බවත්, ඒකට හෝ කැබිනට් අනුමැතිය ලබාගැනීමට හැකිනොවුණු බවත් වීරවංශ  සඳහන් කළේය.

එම නිසා වත්මන්හි ආණ්ඩුකරන අයට නීතිය හා පිළිවෙළ සම්බන්ධයෙන් වෙනම පාඨමාලාවක් පැවැත්විය යුතු බව ඔහු අවධාරණය කළේය.

මෙම මාධ්‍ය හමුවට එක්වුණු ඒකාබද්ධ විපක්ෂයේ නායක,පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේශ් ගුණවර්ධන  කියා සිටියේ වැට් බදු සංශෝධන පනත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදෙනු ලැබුවේ බරපතළ තීන්දුවක් බවයි.

ජනතාවට අහිතකර මෙම බදු පනත බල ශුන්‍ය ආපසු හැරවීමට හැකිවීම ජනතාවගේ ජයග්‍රහණයක් බව ඔහු පෙන්වා දුන්නේය.

මෙම මාධ්‍ය හමුවට එක්වුණු බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා කියා සිටියේ මුදල් අමාත්‍යවරයා හා මුදල් අමාත්‍යංශය එක්ව ගෙන එනු ලැබූ ජනතාවට අහිතකර වැට් බදු පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත්,පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවලටත් පටහැණි බවයි.

විමල් වීරවංශ මන්ත්‍රීවරයා විසින් වැට් බදු සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යන විට එය කාගේ හෝ කොන්ත්‍රාත්තුවකැයි එදා ඇතැමුන් චෝදනා කළ බවත්,එය වෙන කාගේවත් නොව ජනතාවගේ කොන්ත්‍රාත්තුවක් බව අද වනවිට පැහැදිලිවන බව බන්දුල ගුණවර්ධන  සඳහන් කළේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3596594988707032387

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item