ශ්‍රීලනිප සංවත්සරයේදී ගෙනා පළමු යෝජනාවෙන් ඒකීය වචනය හලලා - මහින්ද

පල නොකියා පලා බෙදමින් මිනිසුන්ට පහර දී පලවා හැරියහොත් ඔවුන්ට යන්නට තැනක්‌ තිබිය යුතු යෑයි මහින්ද රාජපක්‍ෂ මහතා පෙරේදා (05 දා) රාත්‍රි අනු...

පල නොකියා පලා බෙදමින් මිනිසුන්ට පහර දී පලවා හැරියහොත් ඔවුන්ට යන්නට තැනක්‌ තිබිය යුතු යෑයි මහින්ද රාජපක්‍ෂ මහතා පෙරේදා (05 දා) රාත්‍රි අනුරාධපුරයේදී පැවසීය.

කුමන මොහොතක හෝ නව පක්‍ෂයක්‌ පිහිටුවනු ලබන්නේදැයි මෙහිදී මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය. සිය මැලේසියාවේ සංචාරය නිම කිරීමෙන් පසු පෙරේදා දිවයිනට පැමිණි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එදින රාත්‍රි ජය ශ්‍රී මහා බෝසමිඳුන් අබියස පැවැති විශේෂ පූජාවකට සහභාගිවීමෙන් අනතුරුව මේ බව පැවසීය.

මෙහිදී මාධ්‍යයට වැඩිදුරටත් අදහස්‌ පළ කළ ඒ මහතා මෙසේ ද කීය.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ 65 වැනි සම්මේලනයේදී ගෙන ආ පළමු යෝජනාවේ මෙරට ව්‍යවස්‌ථාවේ සඳහන් ඒකීය යන වචනය හලලා තිබෙනවා. එස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මහතා සහ සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනිය ඇතුළු අපි සියලු දෙනාම එය ව්‍යවස්‌ථාවේ සඳහන් කර තිබුණා. ඒක දිගටම ආවා. නමුත් ඒකත් හලලා.

මම දුටු අනික්‌ කාරණය තමයි අපේ පක්‍ෂ ව්‍යවස්‌ථාවේ තිබුණු නොබැඳි ජාතීන් කියන වචනයත් එම යෝජනාවලින් හලලා තිබෙනවා. අපේ පක්‍ෂ ව්‍යවස්‌ථාවේ නොබැඳි රටක්‌ නොබැඳි ජාතියක්‌ වශයෙන් අපි ජාත්‍යන්තරය සමඟ කටයුතු කරන බව පැහැදිලිව සඳහන් වී තිබුණා. දැන් ඒකත් නැති පාටයි පේන්නේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8702523816083420400

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item