ජවිපෙ මංගල රැලිය 14 මහරගම
ජනතා විමුක්‌ති පෙරමුණ සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු අඟහරුවාදා 14 දා මහරගම නගරයේ පවත්වන රැලියකින් ආරම්භ කරයි. පක්‌ෂයේ නායක අනුර කුමාර දිසා...

https://www.sathhanda.com/2015/07/14_10.html
පක්‌ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ප්‍රථම රැලිය පැවැත්වේ.
මීට අමතරව පක්‌ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා සහභාගිවන රැලි 100 ක් සහ ආසන මට්‌ටමේ අපේක්‌ෂකයන් සහභාගිවන රැලි 5000ක් රට පුරා පැවැත්වීමට ජවිපෙ සැලසුම්කර තිබෙන බව එහි ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා කීවේය.
මැතිවරණයට තරග කරන ජවිපෙ අපේක්‌ෂකයන්ට නායකත්වය ලබාදීම සඳහා මේ වනවිටත් දිස්‌ත්‍රික් නායකයන් පත්කර ඇත. ඒ අනුව කොළඹ දිස්‌ත්‍රික්‌කය සඳහා පක්‌ෂයේ නායක අනුර කුමාර දිසානායක, ගම්පහට - විජිත හේරත්, මාතරට - සුනිල් හඳුන්නෙත්ති, කළුතරට - නලින්ද ජයතිස්‌ස, හම්බන්තොටට - නිහාල් ගලප්පත්ති, අනුරාධපුරයට - වසන්ත සමරසිංහ, ගාල්ල දිස්‌ත්‍රික්‌කයට නලින් හේවගේ, කුරුණෑගලට - නාමල් කරුණාරත්න යන මහත්වරුන් කණ්‌ඩායම් නායකයෝ ලෙස පත්කර තිබේ.
Related