සන්ධානයේ නාමයෝජනා ලැයිස්තුව අවිනිශ්චිතයි

මහ මැතිවරණයට ඉදිරිපත්වීම සඳහා වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාමයෝජනා ලැයිස්තු පිළිබඳව මෙතෙක් අවසන් තීරණයකට එළඹීමට නොහැකිවී ඇති බව එක්සත් ...


මහ මැතිවරණයට ඉදිරිපත්වීම සඳහා වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාමයෝජනා ලැයිස්තු පිළිබඳව මෙතෙක් අවසන් තීරණයකට එළඹීමට නොහැකිවී ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාම යෝජනා කමිටු සාමාජික ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසා ඇත .

දූෂණ සහ වංචා චෝදනාවලට සම්බන්ධ යෑයි සැක කෙරෙන හිටපු මන්ත්‍රීවරුන් පිරිසකට එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ නාමයෝජනා ලබා නොදීමට ජනාධිපතිවරයා ගෙන ඇති තීරණය මිට හේතුවී ඇතැයි පැවසේ.

හිටපු ඇමැතිවරුන් වන ජොන්ස්‌ටන් ප්‍රනාන්දු, මහින්දානන්ද අලුත්ගමගේ, මර්වින් සිල්වා, රෝහිත අබේගුණවර්ධන, සරණ ගුණවර්ධන, ලක්‍ෂ්මන් වසන්ත පෙරේරා සහ හිටපු මන්ත්‍රීවරුන් වන දුමින්ද සිල්වා සහ සජින් ද වාස්‌ ගුණවර්ධන යන මැති ඇමැතිවරුන්ට නාමයෝජනා නොදීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් සන්ධාන නායකයෝ ජනාධිපතිවරයා හා සාකච්ඡා ආරම්භ කර ඇත.

ඉදිරි මහමැතිවරණය සදහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාමයෝජනා සකස් කිරිම පිළිබද තවත් තීරණාත්මක සාකච්ඡාවක් ඊයේ (07) රාති‍්‍රයේ පැවති නමුත්, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා එම සාකච්ඡාවට සහභාගි වී නොමැත.

කෙසේවුවද, අප කල විමසීමකදී සන්ධානයේ ජ්‍යෙෂ්ඨයකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්. ඩී. ඡේ. සෙනෙවිරත්න මහතා පැවසුයේ, එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හතර පස්‌ දෙනකුට හැර හිටපු සියලුම මන්ත්‍රීවරුන්ට නාමයෝජනා ලබාදෙන බවයි.

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ නාමයෝජනා සඳහා අපේක්‍ෂකයන්ගෙන් අත්සන් ගැනීම අද (8 දා) දිනයේදී ආරම්භ වන බව ද සියලුම දිස්‌ත්‍රික්‌කවල නාමයෝජනා සකස්‌ කිරීම අවසන් වෙමින් පවතින බව ද ඒ මහතා සඳහන් කළේය.

සන්ධානයේ නාමයෝජනා භාරදීම 10 වැනිදා සිට ආරම්භ වන බව ද සෙනෙවිරත්න මහතා වැඩිදුරටත් පැවසිය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5310297180205614807

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item