‘9-10 පන්තිවලදී හොයන්නේ පෙම්වතියක් නෙවෙයි කෑල්ලක්’ – ඒවාට දායකත්වය දුන් අයෙක් කියයි
‘නමය දහයේ පංතිවල ඉතාම නරක කොල්ලෝ කෙල්ලො තමයි පේ‍්‍රම සම්බන්ධතා ඇති කරගන්නේ. ඇත්තටම විවාහ වෙන්න නෙවෙයි. නමය දහයේ පංතිවල තෝරන්නේ පෙම්වති...
https://www.sathhanda.com/2015/07/9-10.html
‘නමය දහයේ පංතිවල ඉතාම නරක කොල්ලෝ කෙල්ලො තමයි පේ‍්‍රම සම්බන්ධතා ඇති කරගන්නේ. ඇත්තටම විවාහ වෙන්න නෙවෙයි. නමය දහයේ පංතිවල තෝරන්නේ පෙම්වතියක් නෙවෙයි කෑල්ලක්. කැල්ලක් කියන්නේ එකක් පෙම්වතියක් කියන්නේ තව එකක්. පෙම්වතියක් ඕන නිසා නෙවෙයි අනිත් එකාටත් කෙල්ලෙක් ඉන්න නිසා’ යැයි එජාපයේ කෙළඹ දිස්ත‍්‍රික් අපේක්ෂක උපුල් ශාන්ත සන්නස්ගල මහතා පැවසිය.
හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ගාල්ල උළුවිටිකේ ප‍්‍රදේශයේ නිවසේ පැවති සරසවි යොවුන් පෙරමුනේ සම්මේලනයක් අමතමින් හෙතෙම මේ බව සඳහන් කළේ ය.
සන්නස්ගල මහතා මෙසේද කිවේය.
”79දි මේ රට වෙනස් වුණා. අවුරුදු දෙක තුල ඇති වු ඒ වෙනසින් හුස්ම ගත්තු මිනිස්සු අපි ඒ ආණ්ඩුව දිගටම තිබුණා නම් දුර්භික්ෂය හැදිලා මැරෙන්නේ. මා කෙල්ලෝ කොල්ලන්ට කියන්නේ වෙනසකින් හුස්ම ගන්න ලැස්තිවෙයල්ලා කියලා. යු.එන්.පී. ආණ්ඩුවකින් කොල්ලෝ කෙල්ලන්ට යම් අසාධාරණයක් වුනොත් මා ඉන්නේ උඹලාගේ පැත්තේ මතක තියාගන්න මා උඹලාත් එක්ක කෙලින් හිටගන්නවා.
මතක තියාගන්න මරණ වරෙන්තුව අතේ තියාගෙන තමයි. උතුරේ මිනිස්සු මුස්ලිම් අය ජවිපෙ අය හා යූඑන්පීකාරයින් එකතු වී ජනවාරි 08වැනිදා රාජපක්ෂ පරාජය කළේ. එක දතයි ගැලවුවේ. රාජපක්ෂ පරාජය කරන්න ඡන්දය දිපු හැම මිනිහෙකුටම පිංසිදුවෙනවා. එක දතයි ගැලවුයේ. දැන් 58 ලක්ෂයක් තියෙනවා කියලා මහින්ද ගෙදර ජනෙල් උඩ නගිනවා කක්කුස්සි උඩ නගිනවා. පන්සල් යනවා. රාජපක්ෂ ළඟ ඉතුරුවු බත් බැලයෝටික මහින්ද උස්සාගෙන යනවා. මහින්දගේ ඉතුරු දත් ටිකත් අගෝස්තු මස 17 වැනිදා ගලවන්න ඒ දේශපාලන අරගලයට සුදානම් වන්න.”
කොළඹදි පැවැත්වෙන ඓතිහාසික සම්මේලනයේ දි අපි ඉතා වැදගත් තින්දු ගන්නවා. හෝඩියේ පංතියේ ඉදලා පාසලට ඇතුලත් වන දරුවකු ගණිතය ඉංග‍්‍රීසි ෆේල්වුනා කියලා ගෙදර නවතින්න බැහැ. හෝඩියේ පංතියේ ඉදලා දහතුන පංතිය දක්වා අනිවාර්යෙන්ම පාසල් යායුතු බවට නීති ගෙන එනවා.” යැයි ද සන්නස්ගල මහතා පැවසිය.


Related