රනිල් කියන්නේ පට්ට හොරෙක්-ගෝඨා

හොරුන් හොරුන් කියමින් අත්අඩංගුවට ගත එක රාජ්‍ය නිලධාරියෙකු ගැනවත් පරීක්ෂණ ප්‍රතිපල එලියට නොදැමූ වත්මන් රජයේ අගමැතිවරයා 'පට්ට' හොරෙ...

හොරුන් හොරුන් කියමින් අත්අඩංගුවට ගත එක රාජ්‍ය නිලධාරියෙකු ගැනවත් පරීක්ෂණ ප්‍රතිපල එලියට නොදැමූ වත්මන් රජයේ අගමැතිවරයා 'පට්ට' හොරෙක් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කීය.

මහින්ද රාජපක්ෂ මහතා ඒකාධිපතියෙක් නම් ඔහු තවමත් රටේ ජනාධිපති ලෙස කටයුතු කරනවා සේම තමා ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කරන බවත් අවශ්‍ය නම් උතුර නැඟෙනහිර ඡන්ද වළක්වා ඒකාධිපතියෙක් වීමට තිබූ බවත් ඔහු පැවසීය.

මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉන්නේ මිරිහානේ. මං ඉන්නේ මිරිහානේ. මිරිහානේදි එල්.ටී.ටී.ඊ.ය පාවිච්චි කළ සුදු වෑන් රථයක් ආයුධ සමඟ පොලිසියට අසුවුණා. තමිල්නාඩුවේදී සයනයිඩ් සහිත එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් 4ක් අසු වුණා. ශ්‍රී ලාංකේය තරුණයෙක් අයි.එස්.අයි.එස්. ගරිල්ලන් සමඟ ඉඳලා මරණයට පත්වී තිබෙනවා. මෙවැනි තත්ත්වයක් යටතේ මේ මොහොතේ රටේ ජාතික ආරක්ෂාවට විශාල තර්ජනයක් පවතිනවා යැයි හිටපු ආරක්ෂක ලේකම්වරයා කීවේය.
එදා සුදු වෑන් භීතියක් රටේ මවා පෑවා. අද මිරිහානේ සුදු වෑන් අහුවෙනකොට සෝභිත හාමුදුරුවන්ගෙන් අර සිවිල් සංවිධානවලින් සහ බටහිර රටවල තානාපතිවරුන්ගෙන් ඇයි මේ ගැන කතා නොකරන්නේ කියලා අහනවායි රාජපක්ෂ මහතා කීය.

සොරුන් යැයි චෝදනාවට රාජ්‍ය නිලධාරීන් අත්අඩංගුවට ගත්තා. පරීක්ෂණ පැවැත්වුවා. හැබැයි ප්‍රතිඵල ජනතාවට කියන්නේ නෑ. කවුද මේ හොරු කියලා. රනිල් වික්‍රමසිංහ කියන්නේ නිකම් හොරෙක් නෙවේ පට්ට හොරෙක්. පට්ට බොරු කියලා ජනතාව රවට්ටලා මේ රට අද පරිහානියට පත් කරලා යැයි ඒ මහතා පැවැසීය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8018002675976801341

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item