දරු සෙනෙහස

දරු සෙනෙහස පුංචි පුතුගෙ ලේ උරනා උකුණන් මදුරුවන් තලා  ප්‍රානගාථ අකුසල යයි පුරවාගන්නේ අම්මා අහළ පහළ වත්තෙ වැටුන පොල් අත්තක් හොරෙන්...

දරු සෙනෙහස

පුංචි පුතුගෙ ලේ උරනා උකුණන් මදුරුවන් තලා 
ප්‍රානගාථ අකුසල යයි පුරවාගන්නේ අම්මා

අහළ පහළ වත්තෙ වැටුන පොල් අත්තක් හොරෙන් වියා
තම දරුවට පොත් පැන්සල් අරන් දුන්නෙ අම්මා

ඉපදුනදා සිටම පියා ගෙදර ඒම අත් හැරියා
ඇඟ විකුණා පුංචි පුතුගෙ කුසගිණි නිවු අම්මා

අසනීපවී බත් ඉල්ලා අඬනා පුතුට බොරු කියලා
සනසාලන්නේ අම්මා දරු සෙනෙහස ගැන හිතලා

හොරට පෙරූ මත් පැන් ටික විකුණා දරුවන් දැඩි කොට
හිරේ ගියත් ඔබ අම්මේ යන්නේ නැහැ අපායකට

පස්පව් වල ඇති විපාක නොදැන නොවේ ඔබ අම්මේ
දරු දුක ඊටත් වැඩියෙන් දැනුනේ ඔබටයි අම්මේ

බඩගිනිවී ගේ ඇතුලේ අඬනා දරු කැළ අම්මේ
දැක පස්පව් අමතක කොට දරුවන් සැනසුව අම්මේ

පෝයදාට පන්සල් ගොස් දරු පැටවුන් සමග එද
බුදුහිමිගේ සිරිපා මුල වැන්ඳා ඔබ දොහොත් පුදා

තම දරුවන් සත්ගුණ වත් මිනිසුන් කර ලොවට හදා
අපායෙ ගොස්දුක් වින්දත් සැපතකි ඔබ හට මළදා

මව්වක විසින් තම දරුවන්හට ඇති අපරිමිතදරු සෙනෙහසේ උත්තරීතර අවස්ථා වන් කීපයකි මේ. දරුවන්ගේ ඕනෑ එපාකම් ඉදිරියේදී අපා දුකත් සැපතක් ලෙස සැලකූ අම්මා වරුනට පිදෙන උපහාරයකි.

ප්‍රීතිමාලි පෙරේරා
ස්වීඩන්



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පාඨක පිටුව 5506286142587632705

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item