ජාතික ආණ්ඩුවක් හැදිය හැක්කේ කාටද?

"ජාතික ආණ්ඩුව" මෙවර මහ මැතිවරණ සමයේ නිතර ඇසෙන වචනයක්වී තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය සැරසෙන්නේ තම ජයග්‍රහණයෙන් පසුව ජාතික ආණ්ඩු...

"ජාතික ආණ්ඩුව" මෙවර මහ මැතිවරණ සමයේ නිතර ඇසෙන වචනයක්වී තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂය සැරසෙන්නේ තම ජයග්‍රහණයෙන් පසුව ජාතික ආණ්ඩුවක් පිහිටුවීමටය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිහ මහතා මැතිවරණ වේදිකාවේද ඒ බව සඳහන් කරයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානය ජාතික ආණ්ඩුවක් සෑදීමට සූදානමක් නැත. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ තමන් මැතිවරණයෙන් ජයගෙන එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් හදනවා මිස, ජාතික ආණ්ඩුවක් සෑදීමට බලාපොරොත්තුවක් නැති බවය.

ඒ කෙසේ වෙතත්, ජාතික ආණ්ඩුවක් යනු කුමක්දැයි 19 වන සංශෝධනයෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මෙසේ පැහැදිළිව සඳහන්ව තිබේ.

"ජාතික ආණ්ඩුවක් යනු, පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාව ලබාගන්නා පිළිගත් දේශපාලන පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායම සහ පාර්ලිමේන්තුවේ අනෙකුත් පිළිගත් දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් එකතුව පිහිටුවනු ලබන ආණ්ඩුවක් වන්නේ ය."

ඒ අනුව ජාතික ආණ්ඩුවක් හදන්නට මුල් වන්නට නම් පාර්ලිමේන්තුවට පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස හෝ ස්වාධීන කණ්ඩායමක් ලෙස වැඩිම මන්ත්‍රී පිරිසක් පත්කරගත යුතුය




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5635450808703730325

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item