යහපාලන කොමඩියේ විසිල් විතරයි බල්ටි නෑ - අසංක නවරත්න

https://www.sathhanda.com/2015/07/blog-post_966.html

ඔහු තවදුරටත් අදහස් දක්වමින්,
"දින සීයේ විසිල්වලට එකතුවෙච්ච ජනතාවගෙන් මෛත්‍රීට පික්පොකට් ගහපු ඡන්ද පෙන්වලා කොහොමහරි අගමැති සූට් එකකුත් කුළියට ගත්තා, ඒක බොරු දාහක් කිය කිය අමාරුවෙන් දින 160ක් කොහොම හරි ඇදගෙන ගියා ඒ විධායකයේ පිහිට ආරක්ෂාව තිබ්බ නිසා.
ඒ දවස් 160ට වැඩබැරිදාසලා ගියේ අඩිගානක් උඩින්. දැන් ජනතාවට නියමෙට පේනවා තමන්ට වඩා විශාල තමන්ට නොගැලපෙන තානාන්තර ඇදගත්ත කවටයෝ ටික. යහපාළන මහත්වරුනේ බල්ටි ගැහුවේ නැති නිසා දැන්නම් ගොඩයෑමක් නෑ. කවටයන්ට තමන්ගේ අනාගතය උකස්කරන්න මේ රටේ ජනතාව මෝඩයෝ නෙවෙයි. ඒ නිසා ඔය මඩ වලින් ඔයාලට ගොඩයන්න බෑ. මේ රටේ ජනතාව මෝඩයෝ නෙවෙයි. ආයේ ජහපාළනයේ විසිල්වලට මේ රටේ ජනතාව රවට්ටන්න බෑ. පුළුවන්නම් ඔයාලගේ කාළසටහනෙන් සියයට 20ක් කලා කියලා හරියට පෙන්වන්න කියල මම කියනවා. මහින්ද රාජපක්ෂ පාළනය එහෙම නෙවෙයි
අවුරුදු 30ක් කාටවත් කරගන්න බැරිවෙච්ච යුද්ධය අවසන්කරලා මේ රට එක්සේසත් කලා.
එහෙන් අධිවේගී මාර්ග, අරහෙන් වරායවල්, තව පැත්තකින් ගුවන්තොටුපලවල්, ඇතුළු මහා පරිමාණ ව්‍යාපෘති සියගානක් වගේම හැම ගමකටම එක වැඩක්වත් කරපු කුඩා ව්‍යාපෘති දාස්ගානක් ඇතිකළා . සෑම මිනිහෙක්ටම රජයේ යම් හෝ සහයෝගයක් තිබ්බා."
"කොළඹ නගරය ලෝකයේ වේගයෙන්ම දියුණු වෙන නගර අතරට ආවේ ඉබේ නෙවෙයි. අන්න ඒ කොළඹට ඊනියා යහපාළයින් මොනවද කරන්න පුල්ල්වුඅන් වුනේ. මහින්ද පාළනයෙන් පදික වේදිකාවල හිටපු මිනිස්සුන්ට තමන්ගේ ව්‍යාපාර කරගෙන යන්න අදාල පහසුකම් ලබාදීලා පදිකවේදිකාවෙන් ඔවුන් ඉවත්කලා, කොළඹ පිරිසිදු කරලා ලස්සනකලා.
නමුත් 8 වෙනිදායින් පස්සේ කොළඹට මොකද උනේ ආයේ කොළඹට හිසරදයක් වෙලා තිබ්බ පදිකවේදිකා වෙළදුන්ට එන්න ඉඩදුන්නා, ක්‍රමවත්ව ඉදිරියට කරගෙන ආව නගර අලංකාර ව්‍යාපෘතිය නවත්වලා කුණූගොඩක් කලා.
කොළඹ නෙවෙයි කුරුණෑගල වැවරවුමට යන්න. කුරුණෑගල වැවරවුම සංවාර්ධනය නැවතිච්ච හැටි ඔයාලට පෙනේවි. යන්න කුරුණෑගල කොළඹ පාරේ රෝහල ගාවට එතන නාගරික අලංකරණ ව්‍යාපෘතිය ඇණහිටලා. ඔයාලට දකින්න ලැබේවි
හැම තැනම මේ වගේ ව්‍යාපෘති නැවතිලා. ඒවාට වෙන් කරපු සල්ලි කෝ.?
අන්න ඒ සල්ලි වලින් තමයි මේ ආණ්ඩුව පඩිගෙවන්නේ. අන්න ඒ සල්ලි වළින් තමයි ඉන්ධන සහනය පියවගන්නේ. අන්න ඒ සල්ලි වලින් තමයි කොත්ත මල්ලි අඩු කරන්නේ. ඒ සල්ලි වලින් තමයි යහපාළන තක්කඩීන් ඡන්දය කරන්නේ" යයි කියා සිටියේය.
Related