මහින්දගේ ආරක්ෂාව අඩු කරන්න බැහැ - එජාප ඉල්ලීමට මැකෝ කියයි

හිටපු ජනපතිවරුන්ට හිමි ආරක්‍ෂාව ඔවුන් වෙනත් දේකට සම්බන්ධ වූ පමණින් එම ආරක්‍ෂාවේ අඩු කිරීමක්‌ සිදුකළ නොහැකි බව මැතිවරණ කොමසාරිස්‌ මහින්ද ද...

හිටපු ජනපතිවරුන්ට හිමි ආරක්‍ෂාව ඔවුන් වෙනත් දේකට සම්බන්ධ වූ පමණින් එම ආරක්‍ෂාවේ අඩු කිරීමක්‌ සිදුකළ නොහැකි බව මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය. කෙසේ නමුත් ආරක්‍ෂකයන් තම ආරක්‍ෂාවට හැර වෙනත් කටයුතුවලට නොයොදවන ලෙස මහ මැතිවරණයට තරග කරන හිටපු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වනබවද කොමසාරිස්‌වරයා ඊයේ (16දා) මැතිවරණ දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කීය.

ඊයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් කොමසාරිස්‌වරයා මේ පිළිබඳව තමාට පැමිණිල්ලක්‌ ලැබුණු බවත් මීට පෙර මෙවන් අවස්‌ථාවක්‌ උදා වී නොමැති බවත් යම් ජීවිත තර්ජනයක්‌ ඇති බවට තහවුරු කරමින් යම් පක්‍ෂ නායකයකු ආරක්‍ෂාව ඉල්ලා සිටියහොත් එම ආරක්‍ෂාව ලබාදීමට කටයුතු කළ යුතු බවත් කොමසාරිස්‌වරයා කියා සිටියේය.

පාර්ලිමේන්තුව විසිරුවා හැරියද ඇමැතිවරුන්ට පමණක්‌ එහි වරප්‍රසාද ලබාගත හැකි බව කී කොමසාරිස්‌වරයා සෙසු සියලු දෙනාට සමසේ සලකා කටයුතු කිරීමට කටයුතු කරන බව කීය.

එමෙන්ම කථානායක, නියෝජ්‍ය කථානායක, විපක්‍ෂ නායක හා ව්‍යවස්‌ථා සභාවේ සාමාජිකයන් වන ඩබ්ලිව්. ඩී. ඡේ. සෙනෙවිරත්න හා ආර්. සම්බන්ධන් යන අයගේ රාජකාරි අවශ්‍යතා සලකා බලා වරප්‍රසාද ලබාදීමටද ක්‍රියා කළ බව කීය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3780337792778435189

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item