ශ්‍රී ලංකන් එයාර් බර්ලින් සහ නිකී සමග හවුලක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ජර්මනියේ දෙවැනි විශාලතම ගුවන් සේවාව වන එයාර්බර්ලීන් සහ එහි අනු ගුවන් සේවාවක් වන NIKI ගුවන් සේවය සමඟ සංකේත හුව...

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ජර්මනියේ දෙවැනි විශාලතම ගුවන් සේවාව වන එයාර්බර්ලීන් සහ එහි අනු ගුවන් සේවාවක් වන NIKI ගුවන් සේවය සමඟ සංකේත හුවමාරු ගුවන් ගිවිසුමකට එළඹිනි.

මෙම නව සංකේත හුවමාරු ගුවන් සබඳතාවය තුළින් ශ්‍රී ලංකාව, ජර්මනිය සහ ඔස්ට්‍රියාව යන රටවල් අතර සංචාරක සබඳතා ශක්තිමත් කිරීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මේ වන විට මෙම ගුවන් සේවා 3 මඟින් දෛනික සංකේත හුවමාරු ගුවන් ගමන් අබුඩාබි හරහා ශ්‍රී ලංකාව, බර්ලින් සහ වියනා වෙත සිදුකරනු ලැබේ.

ඒ අනුව එයාර්බර්ලීන් සහ NIKI ගුවන් සේවාවන් හි ගුවන් සංකේත අංක ශ්‍රීලංකන් ගුවන් සමාගමේ අබුඩාබි සහ කොළඹ හරහා සිදුකරන දෛනික ගුවන් ගමන් සඳහා එකතු කරනු ලැබේ. ශ්‍රීලංකන් ගුවන් මගීන්ට මෙම නව සංකේත හුවමාරු ගුවන් ගිවිසුම මත අබුඩාබි හරහා එයාර්බර්ලින් සහ NIKI ගුවන් සේවා තුළින් වියනා සහ බර්ලින් -ටීගල් වෙත ගුවන් ගමන් සිදුකිරීමට පහසුකම් සැළසේ.

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ලෝක ව්‍යාප්ත විකුණුම් ප්‍රධානී ලාල් පෙරේරා මහතා ප්‍රකාශ කර සිටියේ “ මෙම නව සංකේත හුවමාරු ගුවන් ගිවිසුම තුළින් ශ්‍රී ලංකාව , ජර්මනිය සහ ඔස්ට්‍රියාව යන රටවල් අතර සංචාරක කර්මාන්තය විශාල වශයෙන් දියුණු වනු ඇතැයි ශ්‍රීලංකන් ගුවන් සමාගම දැඩිව විශ්වාස කරන බවයි. නිවාඩුව සඳහා පැමිණෙන සංචාරකයන්ට සහ ව්‍යාපාරික සංචාරකයන්ට ශ්‍රීලංකන් ගුවන් සමාගමේ අබුඩාබි සහ කොළඹ අතර ක්‍රියාත්මක වන දෛනික ගුවන් ගමන් ඔස්සේ කොළඹ, බර්ලින් සහ වියනා අතර ඉක්මන්පහසු ගුවන් සබඳතා පැවැත්වීමට හැකිවනු ඇති බව ද ඒ මහතා ප්‍රකාශ කර සිටියේ ය. 

ඔහු තවදුරටත් ප්‍රකාශ කර සිටියේ දශක ගණනාවක් පුරාවට ගුවන් සමාගම ජර්මනිය වෙත එහි යුරෝපීය මෙහෙයුම් සිදුකරන බවයි.“එයාර්බර්ලින් සමග සිදුකරන මෙම සංකේත හුවමාරු ගුවන් ගිවිසුම තුළින් ශ්‍රීලංකන් ෆ්‍රැන්ක්ෆර්ට් වෙත සිදුකරන සෘජු ගුවන් ගමන් හා සම්බන්ධ වන බවද ඒ මහතා කියා සිටියේය. මෙමගින් ශ්‍රී ලංකාව ජර්මානු සංචාරක ආකර්ෂණය දිනාගැනීමටත්යුරෝපීය රටවල් වලින් සංචාරකයන් බොහොමයක් මෙරටට ගෙන ඒමට හැකියාව ලැබෙනු ඇති අතර මෙම නව ගුවන් ගමන් මාර්ග තුළින් බර්ලීන් සහ ඔස්ට්‍රියාවේ වියනා වැනි ප්‍රදේශයන්ගෙන් මෙරටට සංචාරකයන් පැමිණීමේ ප්‍රවණතාවය වැඩිවනු ඇති බවත් ශ්‍රී ලාංකික ජනතාවටත් මෙම රටවල් සඳහා පහසු ලෙස ගුවන් ගමන් සිදුකිරීමට හැකිවනු ඇතැයි ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

එයාර්බර්ලීන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ස්ටෙෆාන් පිචර් මහතා ප්‍රකාශ කර සිටියේ ජර්මන් සංචාරකයන්ගේ සංචාරක ආකර්ෂණය දිනාගත් ගමනාන්තයක් වශයෙන් ශ්‍රී ලංකාව පසුගිය වසරකිහිපය තුළ සංචාරක පැමිණීම් හි සීඝ්‍ර වර්ධනයක් පෙන්වා ඇති බවයි.

ඒ මහතා තවදුරටත් ප්‍රකාශ කර සිටියේ “මේ අනුව අප නව සංකේත හුවමාරු පාර්ෂවය සමඟ විශ්වාසයෙන් යුතුව ඉදිරියේ දී කටයුතු කරන අතර ජර්මන් භාෂාව කථා කරන රටවල් වලින් වැඩි ඉල්ලුමක් මෙම ගමන් මාර්ගය සඳහා ඇතිවනු ඇතැයි අපේක්ෂා කළ හැක.” බවයි.

ශ්‍රීලංකන් ගුවන් සමාගම එටිහාඩ් ගුවන් සේවය හරහා ජර්මනියේ මියුනිච් වෙත සංකේත හුවමාරු ගුවන් සබඳතා පවත්වනු ලබයි.එයාර්බර්ලින් සහ NIKI සමග පවත්වන මෙම නව සංකේත හුවමාරු ගිවිසුම සමග ඔස්ට්‍රියාවේ අග නගරය වන වියානා වෙත ද ගුවන් සමාගමේ මෙහෙයුම් ගෝලීය ලෙස ව්‍යාප්ත කිරීමට හැකි වී ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

ව්‍යාපාරික 1333006055135533865

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item