දෙමළ ජනතාවගේ අයිතීන් ලබාගැනීමේ දිනය වැඩි ඈතක නොවේ - ශ්‍රී ධරන්

කිලිනොච්චියේ කන්ඩාවලෙයි ප්‍රදේශයේ කට්ටෙයිකාඩු, පෙරියකුලම් සහ ධර්මපුරම් යන ග්‍රාමීය මට්ටමින් නියෝජිතයින්, ක්‍රීඩා සංගම් වල නියෝජිතයින්, දෙ...

කිලිනොච්චියේ කන්ඩාවලෙයි ප්‍රදේශයේ කට්ටෙයිකාඩු, පෙරියකුලම් සහ ධර්මපුරම් යන ග්‍රාමීය මට්ටමින් නියෝජිතයින්, ක්‍රීඩා සංගම් වල නියෝජිතයින්, දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් අපේක්‍ෂක එස්.ශ්‍රීධරන් ඇතුළු දෙමළ ජාතික සන්ධානයේ කිලිනොච්චි දිස්ත්‍රික් නියෝජිතයින් අතර සාකච්ඡාවක්, 2015.07.23 වන දින පවත්වා ඇත.

කරච්චි ප්‍රාදේශීය සභා මන්ත්‍රී තවබාලන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවට සහභාගි වී අදහස් දැක්වූ අපේක්‍ෂක එස්.ශ්‍රීධරන්, “අප මේ දක්වා බොහෝ මැතිවරණ වලට මුහුණදී ඇත. ඒ ආකාරයෙන්ම, පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය, දෙමළ ජනතාවට වැදගත් මැතිවරණයකි. අපගේ ජනතාව විසින් විශාල වෙනසක් මෙම භූමියේදී ඇතිකර, ඒ මගින් අපගේ අයිතතීන් ලබාගන්නා මැතිවරණයකි.

එමෙන්ම, අපගේ ජනතාවගේ අයිතීන් ලබාගන්නා බව ප්‍රකාශ කර, රජය සමග ඉදිමින් ජාත්‍යන්තර ප්‍රජාවට, මෙහි ජනතාව නිදහසේ ජීවත්වන බවට අසත්‍ය ප්‍රචාරයන් සිදුකර, තම තනතුරු රඳාපවත්වාගෙන සිටින ගැත්තන්ව මෙම භූමියෙන් ඉවත් කිරීමට, මෙම මැතිවරණය යහපත් අවස්ථාවක් කරගත යුතුය.

අප දීර්ඝ කාලයක සිට විමුක්තිය සොයා ගිය ගමනේදී, අවිහිංසාවාදීව සහ සන්නද්ධ මාර්ගයෙන් සටන් කල අපගේ සටන මේ වනවිට ජාත්‍යන්තර වශයෙන් කතාබහට ලක්වී, අපගේ විමුක්ති හැඟීම් වලට ගරුකර, ජාත්‍යන්තර ප්‍රජාව විසින් සාධාරණ විසදුමක් අප කරා ලගාකරමින් සිටින අවස්ථාවකදී, එය අප සියළුදෙනා සමගියෙන් එකම හඬකින් ප්‍රශංසා කරන සාක්‍ෂියක් ලෙස මෙම මැතිවරණය දෙමළ ජනතාව වන අප භාවිතා කල යුතුව ඇත. 

සියළු දෙමළ ජනතාවගේ නියෝජිතයින් කව්රුන්ද? ඔවුන්ගේ අභිලාශයන් කුමක්ද? යන්න පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාව මෙම මැතිවරණය හරහා පරීක්‍ෂා කිරීමට උත්සාහ කරනු ඇත. එබැවින්, අපගේ ජාතික බලය විනාශ කිරීමට සැලසුම් කර, මෙවර මැතිවරණයට තරඟ කරන අනෙකුත් දේශපාලන පක්‍ෂ, දෙමළ ජනතාව වන අප මුළුමුනින්ම ප්‍රතික්ෂේප කල යුතුය. මහින්ද රාජපක්‍ෂ සමග සම්බන්ධ වී දෙමළ ජනතාවට එරෙහිව ප්‍රචණ්ඩත්වය මුදාහැරිය බද්ධ කණ්ඩායම් ප්‍රතික්ෂේප කර, දෙමළ ජනතාව මෙම මැතිවරණයෙන් ඓතිහාසික ජයග්‍රහණයක් ලැබිය යුතුය” යනුවෙන් එස්.ශ්‍රීධරන් ප්‍රකාශ කර ඇත.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8515257923308944976

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item