සමහරුන්ට අලියාගෙන් ඉල්ලනවා කියන්න ලැජ්ජයි - අනුර චම්පික ගැන කයි
” මේ මැතිවරණයේදී එජාපය පෝස්ටරයක් ගහලා තිබුණා, මුල පිරුවා විතරයි කියලා. මුල පිරුවේ මහ බැංකු මුදල් වංචාවෙන්, කරුංකා ගනුදෙනුවෙන්, රේගු අධ...

https://www.sathhanda.com/2015/07/blog-post_502.html
ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් මේ අදහස් පළ කරන ලද්දේ අද බත්තරමුල්ල, පැලවත්ත පිහිටි ජවිපෙ ප‍්‍රධාන කාර්්‍යාලයේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
එහිදී වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ තව දුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා මෙසේද පැවසීය.
” යහපාලන පෙරමුණ කියන්නේ එක්සත් ජාතික පක්‍ෂයම තමයි. එජාපයට ගිය සමහරුන්ට එක්සත් ජාතික පක්‍ෂය කියලාවත් ඡන්දය ඉල්ලන්නේ අලියගෙන් කියලාවත් කෙලින්ම කියන්න අමාරුවක් තියෙනවා.
එහෙම අය යහපාලනය කියලා බෝඞ් එකක් ගහගෙන ඉන්නවා. චමිපික රණවකත් රාවුෆ් හකීමුත් එක වේදිකාවේ එකට ඉන්නේ කොහොමද කියලා අපිටනම් ප‍්‍රශ්යක් තිබෙනවා. මොකද, බොදුබල සේනාවේ රැස්වීමකට ගිය චම්පික රණවක රාවුෆ් හකීම්ට විශාල දෝෂාරෝපනයක් කළා. එහෙම කරපු චම්පික කොහොමද හකීම් එක්ක එකම වේදිකාවක ඉන්නේ? මහබැංකු බැඳුම්කර වංචාව සිදුවුණු වෙලාවේදී රතන හිමියන් රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා දැඩි ලෙස විවේචනයට ලක්කළා. අගමැතිධුරය සඳහා වෙනත් අයකු පත්කළ යුතු යැයි යෝජනා කළා. හොර රහසේ ගෝඨාභය රාජපක්‍ෂ මුණ ගැහුනා. ඒ විදියට එක එක අගුපිල්වල ලැගලා දැන් මන්තී‍්‍රකම වෙනුවෙන් එක්සත් ජාතික පක්‍ෂයට ඇවිත් තිබෙනවා.” මෙම අවස්ථාවට ජ.වි.පෙ. ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයාද සහභාගි විය.
Related