ඩලස්ට මරණ තර්ජන කළැයි කී පුද්ගලයාට ඇප

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතාට මරණ තර්ජන සිදු කළ බවට චෝදනා එල්ල වී තිබූ වැලිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා ඇප මත ම...

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතාට මරණ තර්ජන සිදු කළ බවට චෝදනා එල්ල වී තිබූ වැලිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා ඇප මත මුදා හැර තිබේ. නීතිඥයෙකු මාර්ගයෙන් ඔහු අද මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත භාර වී තිබේ.

නාමයෝජනා භාරගැනීමේ අවසන් දිනය වූ පසුගිය 13 වනදා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසලදී වැලිගම ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපතිවරයා විසින් ඩලස් අලහප්පෙරුම මහතාට මරණිය තර්ජන එල්ල කර ඇති බව සඳහන්ය.

ඒ අනුව ඔහුට එරෙහිව සාපරාධි බියගැන්වීම්, බලහත්කාරය පෑම සහ මරණීය තර්ජන එල්ල කිරීම යන චෝදනා යටතේ නඩු පවරා තිබුණි.

අද අධිකරණය හමුවේ පෙනී සිටි වැලිගම ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපතිවරයා රුපියල් ලක්ෂ 02 ක ශරිර ඇප මත මුදාහැරීමට මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් යුරේෂා ද සිල්වා මෙනවිය නියෝග කළ බව අද දෙරණ වාර්තාකරු පැවසුවේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1469628992071834872

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item