රාජිතලා දොට්ට දානවාට මෛත්‍රී එරෙහිවේ
සාමාජිකයින් පස්දෙනාගේ ශ්‍රීලනිප සාමාජිකත්වය වහාම අත්හිටුවීමට දරන උත්සාහයට එම පක්ෂයේ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විරෝධය පළකර ඇත...

https://www.sathhanda.com/2015/07/blog-post_571.html
ජනාධිපතිවරයා සිය විරෝධය පළකර ඇත්තේ, ලබන සතියේ පැවැත්වීමට නියමිත ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී එස්.බී. නාවින්න, එම්.කේ.ඞී.එස්. ගුණවර්ධන, රාජිත සේනාරත්න, හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර සහ අර්ජුන රණතුංග යන මහත්ම මහත්මීන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවනු වීමට එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් යෝජනාවක් ගෙන ඒමට තීරණය කර ඇති බව වාර්තාවීමත් සමගය.
මහ මැතිවරණයෙන් පසු ස්ථාපිත කරන ජාතික ආණ්ඩුවේ ප්‍රබල ඇමති ධුර මොවුන් පස් දෙනාටම ලබාදීමට ජනාධිපතිවරයා දැනටමත් එකඟත්වය පළකර ඇතයි ද ඉහත ආරංචිමාර්ග වැඩි දුරටත් පවසයි.
පසුගියදා රාජිත සේනාරත්න මහතාගේ බේරුවල නිවසට ගිය ජනාධිපතිවරයා, ඇමතිවරයාට මීළඟ ආණ්ඩුවේ ඉහලම තනතුරක් ලබාදෙන බවට ඔහුගේ ආධාරකරුවන් හමුවේ සහතික වී ඇත.
Related