සල්ලි මත්තෙම නැහෙයි, ගුද මාර්ගයේ රත්‍රන් ‍ගෙන ගිය ලාංකිකයා මාට්ටු

විවිධ වර්ගයේ රත්‍රන් කිලෝ ග්‍රෑම් 1 ට වැඩි ප්‍රමාණයක් ස්වකීය ගුද මාර්ගයේ සඟවා‍ගෙන ගිය ශ්‍රී ලාංකිකයෙකු තිරුචි ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ‍...


විවිධ වර්ගයේ රත්‍රන් කිලෝ ග්‍රෑම් 1 ට වැඩි ප්‍රමාණයක් ස්වකීය ගුද මාර්ගයේ සඟවා‍ගෙන ගිය ශ්‍රී ලාංකිකයෙකු තිරුචි ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ‍ගෙන තිබේ.

රේගුවේ ගුවන් බුද්ධි අංශ ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති මොහු 43 හැවිරිදි ප්‍රසාද් ඉන්දික නමැති අයෙකු බව හඳුනා‍ගෙන ඇති බව ඉන්දීය පුවත් සේවා උපුටා දක්වයි.

මොහුගේ ගමන් විලාසය පිළිබඳව සැකසිතීම හේතුවෙන් ප්‍රශ්න කරනු ලැබූ බවත්, ඉන් අනතුරුව රත්‍රන් සොයාගැනීමට හැකිවූ බවත් සඳහන්ය.

රත්‍රන් බිස්කට් ජෝඩුවක්,මාලයක් හා මුද්දක් වශයෙන් මෙම රත්‍රන් සොයාගෙන ඇති බවත්, එහි වටිනාකම ඉන්දීය රු. ලක්ෂ 28.19 ක් හෙවත් ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 60  පමණ වන බව ඉන්දීය පුවත් පෙන්වාදෙයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 153700276978222660

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item