අමුතු විදිහට වන්දියක් - අතවර කළ දැරියකට පිණ්ඩපාතයෙන් වන්දි ගෙවීම
දැරියකට ලිංගික අතවර සිදුකිරීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවෙකු සසුන් ගතවීමට සූදානමින් සිටින බැවින් අදාළ නඩුව කඩිනමින් අවසන් කරන ලෙසට කෙරුණු ...

https://www.sathhanda.com/2015/07/blog-post_640.html
දැරියකට ලිංගික අතවර සිදුකිරීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවෙකු සසුන් ගතවීමට සූදානමින් සිටින බැවින් අදාළ නඩුව කඩිනමින් අවසන් කරන ලෙසට කෙරුණු ඉල්ලීමක් පිළිබඳව අද (15) අනුරාධපුර විශේෂ මහාධිකරණයේ දැඩි අවධානය යොමුවුණා. විනිසුරු ඛේමා ස්වර්ණාධිපති එහිදී කියා සිටියේ මෙය ඛේදනීය තත්ත්වයක් බවයි.
බාල වයස්කාර දැරියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියකට අදාළ සැකකරුවෙකු වෙනුවෙන් මෙම ලිපිය අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ කුරුණෑගල - මැල්සිරිපුර ප්‍රදේශයේ ආරණ්‍ය සේනාසනයක හිමිකාරිත්වය දරණ ස්වාමීන් වහන්සේ නමක් විසින්. සැකකරු ලබන මස 27 වැනිදා පැවිදි කරවීමට සූදානමින් සිටින නිසා ඔහු කළ වරදට දැරියට වන්දි මුදලක් ලබාදී නඩුව ඉක්මණින් අවසන් කර දෙන ලෙස උන්වහන්සේ ඉල්ලා තිබුණා. වන්දි මුදල තමා සහ තම සේනාසනයේ වැඩසිටින භික්ෂූන් වහන්සේ පිණ්ඩපාතයේ වැඩම කර උපයාගන්නා මුදලින් සහ දායක දායිකාවන්ගෙන් ලැබෙන ආධාරවලින් ගෙවීමට අපේක්ෂා කරන බවයි එම ලිපියේ සඳහන් කර තිබී ඇත්තේ.
Related