මහින්දගේ අපුරු කෑම වේල ගැන කතාව බොරු ලු

චෝගම් සමුළුව පැවැති සමයේදී රාජපක්ෂ පවුල අරලියගහ මන්දිරයේදී තම සහපිරිවර සමඟ ලබාගත් සුඛෝපභෝගි උදෑසන ආහාර වේලකට පමණක් රුපියල් ලක්ෂ අනූහතරක් වැය...

රාජපක්ෂලාගේ අපුරු කෑම වේල ගැන කතාව බොරු ලු !චෝගම් සමුළුව පැවැති සමයේදී රාජපක්ෂ පවුල අරලියගහ මන්දිරයේදී තම සහපිරිවර සමඟ ලබාගත් සුඛෝපභෝගි උදෑසන ආහාර වේලකට පමණක් රුපියල් ලක්ෂ අනූහතරක් වැයකර ඇතැයි කියන කතාව මුළුමනින්ම අසත්‍යක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම් රොහාන් වැලිවිට මහතා පවසයි.


රාජපක්ෂ පවුල හිල්ටන් හෝටලයෙන් ඇනවුම් කරන ලද එක් ආහාර වේලක් සඳහා රුපියල් මිලියන 9.4 ක බිලක් ලැබී තිඛෙන බවත්, එය මේ වන තුරුත් ගෙවා නොමැති බවත් හිටපු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ඊයේ පවත්වන ලද මාධ්‍ය හමුවකදී චෝදනා කර සිටියේය.

මේ චෝදනාව සනාථ කිරීමට හිල්ටන් හෝටලයේ ලියවිල්ලක් ඔහු ඉදිරිපත් කොට තිබුණි. මේ කෙරෙන චෝදනාවට මාධ්‍ය තුලින්ද ප්‍රචාරයක් ලැබී තිබුණි.

බණ්ඩාර මහතා තම චෝදනාව සනාථ කිරීමට ඉදිරිපත් කර තිබුණේ 2013 නොවැම්බර් 11 වන දින හිල්ටන් හෝටලය විසින් නිකුත් කරන ලද ඉන්වොයිසියක් බව රොහාන් වැලිවිට මහතා නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියි.

එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

මෙය 2013 නොවැම්බර් 15 වන දින පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේ සමාරම්භක උත්සවයට සහභාගී වූ දෙස් විදෙස් අමුත්තන් 1400 කට ආහාර සැපයීම සඳහා ඉදිරිපත් කොට තිබූ ඉන්වොයිසියකි.

මෙකී අවස්ථාවට බ්‍රිතාන්‍යයේ චාර්ල්ස් කුමරු හා පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් 53ක රාජ්‍ය නායකයින් හා ආණ්ඩු ප්‍රධානීන්ද සහභාගී වූ අතර මෙය කිසිසේත්ම රාජපක්ෂ පවුලේ උදෑසන ආහාර වේලක් නොවූ බව කිව යුතුය.

මෙම චෝදනාව මෙරට වසර 30 ක් පුරා පැවති යුද්ධය අවසන් කොට රට සංවර්ධනය කරමින් සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රජය බොරු චෝදනා එල්ලකර ජනවාරි 8 වනදා පෙරලීමට කියූ බොරු හා සමාන තවත් බොරුවකි.

මෙරට ජනතාවට සිදුවූ වරද නිවැරදි කරගැනීමට අගෝස්තු 17 වනදා ලැබී තිඛෙන අවස්ථාව නොමග යැවීමට මෙය සිතා මතා ගොතන ලද බොරු ප්‍රවෘත්තියකි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8246840014403991291

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item