රුපියල සීග්‍රයෙන් පහලට, චන්දෙ ඉවර වෙනකන් රහසිගතව ඩොලර් විකුණයි
මේ දිනවල ලංකාවේ ඩොලරයට සාපේක්ෂව රුපියල සාමාන්‍ය බාල්දුවීමක් නොව මස්තබාල්දුවීමකට ලක් වී ඇති බව හිටපු අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප...

https://www.sathhanda.com/2015/07/blog-post_889.html
මේ මහතා මේ පිළිබඳ ප්‍රකාශ කළේ පෙරේදා (22) විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි.
ඔහු වැඩිදුරටත් මෙසේ ද පැවසීය.
මූල්‍ය වෙළෙඳපොළ ආරංචි මාර්ගවලට අනුව පසුගිය සිකුරාදා ඩොලර් මිලියන 52ක් ද ඊයේ දිනය වන විට ඩොලර් මිලියන 32ක් මහ බැංකුව විසින් වෙළෙඳපොළට නිකුත් කරලා තියෙනවා තවදුරටත් රුපියල අවප්‍රමාණය වීම වළක්වන්න.
මේ විදියට දිනපතා සිද්ධ වුණොත් අපේ ජාත්‍යන්තර සංචිත දරුණු විදියට නායයාමට ලක් වෙනවා. ඒ වගේම තමයි පහුගිය කාලේ කරුණු කීපයක් හින්දා මහ බැංකුව ගැන තිබ්බ විශ්වාසය බිඳවැටිලා තියෙනවා. එකක් තමයි මුදල් අමාත්‍යාංශය යටතේ තිබුණ මහ බැංකුව ඉන් ඉවත් කරලා ප්‍රතිපත්ති සැලසුම් අංශයට පවරාගත්ත එක. ඒ වගේම කැබිනට් විරෝධය තිබියදීත් මහ බැංකු අධිපති ලෙස සිංගප්පූරු ජාතිකයෙක් පත් කළා.
මෙහි දී හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ද අදහස් දැක්වීය.
මහින්ද රාජපක්ෂ මහතා රට භාරදෙන අවස්ථාව වන විට රටේ විදේශ සංචිත ඇ.ඩො.බි. 8.2ක් තිබුණා. නමුත් මේ මාස 6 වන විට විදේශ සංචිත ඇ.ඩො.බි. 7 දක්වා අඩුවෙලා තියෙනවා.
මෙසේ වීමට එක හේතුවක් තමයි එවකට ජාත්‍යන්තරයෙන් අපේ බැඳුම්කර හා බිල්පත් සඳහා විශාල ඉල්ලුමක් තිබ්බා. 12කට නොවැඩි සීමාවකට අපි බැඳුම්කර බිල්පත් අලෙවි කළා. නමුත් අද වන විට 10 දක්වා ඉල්ලුම අඩුවෙලා තියෙනවා. අනිත් කාරණාව තමයි රටේ වගකීම ගත හැකි පුරවැසියෙක් නොවන කෙනකුට මහ බැංකු අධිපති තනතුර ලබා දුන්නා. එතුමා අගෝස්තු 17න් පසු ලංකාවේ සිටීවිද යන්න ප්‍රශ්නයක්. ඒ එතුමාට මෙරට වගකීමක් නොමැති නිසයි.
මේ අතර අප කල විමසුමකදී හෙළි වුයේ, දේශීය නිෂ්පාදනය පසුගිය මස 6 තුල දරුණු ලෙස පහල යාම හේතුවෙන් සහ ලබාගත් විශාල නය ප්‍රමාණයක් ජනතා සහන සැලසීමට යෙදවීම හේතුවෙන් රුපියල අව ප්‍රමණය වන බවය. එහෙත් එය මැතිවරණය ජයග්‍රහණයට අහිත කර ලෙස බල පා හැකි හෙයින් ඉතා රහසිගතව විදේශ සංචිත වෙළදපලට නිකුත් කරමින් රුපියල අව ප්‍රමානය වීමේ වේගය අඩු කර ඇති බවය.
Related