කේරළයේ ලිංගික වෙළඳාමට විකිණෙන දරුවන්

දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ සිය දහතුන් හැවිරිදි දියණිය ලිංගික වෙළඳාමේ යෙදවූ මාපිය යුවලක් අත්අඩංගුවට ගත් බව ප්‍රාදේශීය පොලිසිය පවසයි...


දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ සිය දහතුන් හැවිරිදි දියණිය ලිංගික වෙළඳාමේ යෙදවූ මාපිය යුවලක් අත්අඩංගුවට ගත් බව ප්‍රාදේශීය පොලිසිය පවසයි.

පොලිසිය විසින් බේරා ගත් දැරිය මේ වන විට රජය විසින් පවත්වා ගෙන යන අනාථ නිවාසයක රැකවරණය ලබන බවයි වාර්තා වන්නේ.

දැරිය රජයේ නිලධාරීන් සමග පවසා තිබෙන්නේ සිය මව සහ සුළු පියා රැගෙන එන ගැනුම් කරුවන් සමග ලිංගිකව හැසිරීමට තමන්ට බල කරන ලද බවයි.


දැරියගේ මව ප්‍රවෘත්ති ආයතනයක් සමග පවසා ඇත්තේ තමන් සිය දියණිය සමග ලිංගිකව හැසිරීමට පැමිණෙන පුද්ගලයන්ගෙන් ඉන්දියානු රුපියල් තුන්දාහක් බැගින් අය කළ බවයි.

කේරළ පොලිසිය විසින් මේ වන විට දැරිය ඒ ආකාරයෙන් මිලදී ගත් ගැනුම්කරුවන් 40 දෙනාගෙන් 25 දෙනෙකු පමණ හඳුනා ගෙන තිබේ.

දැරියගේ සුළු පියා පනස් පස් වන වියේ පසුවන රියදුරෙක් වන අතර පොලිසිය පවසන්නේ ඔහු විසින් දැරියගේ ඡායාරූප පෙන්වමින් ලිංගික වෙළඳාම සඳහා ගැනුම් කරුවන් සෙවීමේ යෙදී ඇති බවයි.

2011 වසරේ ද කේරළ පොලිසිය විසින් සිය දාහත් හැවිරිදි දියණිය පුද්ගලයන් දෙසිය දෙනෙකුට ලිංගික වෙළඳාම වෙනුවෙන් අලෙවි කළ පියෙකු අත්අඩංගුවට ගන්නා ලදී.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

විදෙස් 2913815351417099739

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item