සිරියානු අනාථයන් හතළිස් ලක්ෂය ඉක්මවයි

සරණාගත ප්‍රශ්නය සම්බන්ධ වගකීම ඉසිලීමට ඉදිරිපත් වන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සියලුම යුරෝපා රටවල් වලට ඉල්ලීමක් කරනු ලැබ තිබේ. එක්සත්...



සරණාගත ප්‍රශ්නය සම්බන්ධ වගකීම ඉසිලීමට ඉදිරිපත් වන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සියලුම යුරෝපා රටවල් වලට ඉල්ලීමක් කරනු ලැබ තිබේ.

එක්සත් ජාතීන් විසින් මෙම ඉල්ලීම ඉදිරිපත් කොට තිබෙන්නේ සිරියානු සරණාගතයින්ගේ සංඛ්‍යාව මිලියන හතර ඉක්මවීමත් සමගයි.

එක්සත් ජාතීන්ගේ සරණාගතයින් වෙනුවෙන් වූ ආයතනයේ ප්‍රධානී ඇන්තෝනියෝ ගටරෙස් බීබීසියට පැවසුවේ කිසිම රටකට නොසලකා සිටීමට බැරි තරම් සිරියානු සරණාගත ප්‍රශ්නය බරපතළ වී ඇති බවයි.

ඔහු වැඩි දුරටත් කියා සිටියේ එක්සත් ජාතීන්ගේ සරණාගතයින් වෙනුවෙන් වූ කොමිසමට සිරියානු සරණාගතයින් වෙනුවෙන් අත්‍යවශ්‍ය සේවා සැපයීමට අවශ්‍ය මුදලින් තවමත් ලැබී ඇත්තේ හතරෙන් එකක ප්‍රමාණයක් පමණක් බවයි.

මේ වන විට බොහොමයක් සිරියානු සරණාගතයින් ජෝර්දානය, ලෙබනනය සහ තුර්කියට පළා ගොස් තිබෙන බවයි පැවසෙන්නේ.

තත්වය මෙලෙස නරක අතට හැරෙමින් තිබෙන අතර බොහෝ සරණාගතයින් සිය ජීවිත අනතුරට පත් කරමින් මධ්‍යධරණි මුහුද හරහා යුරෝපයට සංක්‍රමණය වීමට පෙළඹී තිබේ.

සරණාගතයින් මෙන්ම සිරියාව තුල සිටින වැසියන් මිලියන හතකට අධික ප්‍රමාණයකට මේ වන විට සිය නිවාස අහිමි වී තිබෙන බවයි පැවසෙන්නේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

විදෙස් 5811800242807127407

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item