BMW වීඩියෝ ගත්අය සොයා පොලිස් පරීක්ෂණ

පසුගිය 13 වැනිදා රාත්‍රියේ මාලබේ, පිට්ටුගල ප්‍රදේශයේදී රථ වාහන පොලීසියේ නිලධාරීන් දෙදෙනෙකු සමඟ බහින්බස්වීමෙන් පසුව තලංගම පොලිසිය අත්අඩංගුවට...

පසුගිය 13 වැනිදා රාත්‍රියේ මාලබේ, පිට්ටුගල ප්‍රදේශයේදී රථ වාහන පොලීසියේ නිලධාරීන් දෙදෙනෙකු සමඟ බහින්බස්වීමෙන් පසුව තලංගම පොලිසිය අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි කාන්තාව ඊයේ (22) ඇප මත නිදහස් කෙරිණ.
ඒ ඊට අදාළ නඩුව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ දී ය.

එහි මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ, අදාළ කාන්තාව රුපියල් ලක්ෂයක ශරීර ඇප මත නිදහස් කරන ලෙස ය.

කිසියම් පුද්ගලයෙකු විසින් මෙම සිද්ධිය ජංගම දුරකතනයකින් රූගත කරනු ලැබ ඇති අතර පසුව එම වීඩියෝව සමාජ ජාල වෙඩ් අඩවිවලට මුදා හැර තිබිණ.

තුන්වැනි පාර්ශවයක් විසින් ඉදිරිපත් කර ඇති අදාල වීඩියෝව සාක්ෂි පනත අනුව වලංගු එක් නොවන බවට අධිකරණයට කරනු මතුවීමත් සමඟ අදාල වීඩියෝව ගන්නා ලද පුද්ගලයා සෙවීමට මෙවන විට පොලිසිය කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

කඩුවෙල ප්‍රදේශයේ පදිංචිකාරියක වන 38 හැවිරිදි අදාළ කාන්තාව අවුරුදු 2 1/2 පමණ වන ඇයගේ දියණියට මව් කිරි දෙමින් මෝටර් රථය ධාවනය කරමින් සිටි බව ත් ඒ හේතුවෙන් ඇයගේ මෝටර් රථය නතර කළ බව ත් පොලීසිය පැවසී ය.

මෙම සිද්ධියට අදාළව එම කාන්තාවගේ සැමියා ද අත්අඩංගුවට ගත් අතර ඔහු එදින ම ඇප මත මුදා හරින ලෙස අධිකරණය නියෝග කළේ ය.

කාන්තාවගේ සැමියාට එල්ල වී ඇති චෝදනාව වූයේ, ඊට මාසයකට පමණ පෙර කිසියම් මානසික ව්‍යාකූලතාවකට ප්‍රතිකාර ලබා ගෙන ඇති සිය බිරිඳට මෝටර් රථය ධාවනය කිරීමට ඉඩ දීම ය.

අදාළ කාන්තාවගේ මානසික තත්ත්වය සම්බන්ධයෙන් අංගොඩ රෝහලෙන් මානසික වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා එදින පොලීසියට නියෝග කළේ ය



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1853649832659297403

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item