ද්‍රවිඩ සන්ධානය බලය බෙදීමක්‌ මිස වෙනම රාජ්‍යයක්‌ ඉල්ලා නෑ - ලක්‍ෂ්මන් කිරිඇල්ල

දෙමළ ජාතික සන්ධානය සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් බලය බෙදා හැරීමක්‌ මිස වෙනම රාජ්‍යයක්‌ ඉල්ලා නැතැයි එක්‌සත් ජාතික පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප...

දෙමළ ජාතික සන්ධානය සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් බලය බෙදා හැරීමක්‌ මිස වෙනම රාජ්‍යයක්‌ ඉල්ලා නැතැයි එක්‌සත් ජාතික පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහනුවර දිස්‌ත්‍රික්‌ අපේක්‍ෂක ඇමැති අධිනීතිඥ ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය.

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 13 වැනි සංශෝධනය යටතේ පළාත් සභා හරහා බලය බෙදා හැරීමක්‌ දැනටමත් සිදුවෙමින් තිබෙන බව පැවැසූ කිරිඇල්ල මහතා මහින්ද රාජපක්‍ෂ මහතා එය ප්‍රමාණවත් නොවන බව පවසා දහතුන්වැනි සංශෝධනයට ඔබ්බෙන් යන බලය බෙදා හැරීමක්‌ උතුරු නැෙ`ගනහිරට ලබාදෙන බව ප්‍රකාශ කර එය ඉන්දියාවට ලිතව දැනුම් දුන් බව ද සිහිපත් කළේය.

දෙමළ ජාතික සන්ධානයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් ෆෙඩරල් විසඳුමක්‌ ලබාදිය යුතු බවට සඳහන් කිරීම පිළිබඳව 'දිවයින' කළ විමසුමකට පිළිතුරු දෙමින් මේ බව සඳහන් කළ කිරිඇල්ල මහතා දෙමළ සන්ධානය වෙනම රාජ්‍යයක්‌ ඉල්ලා නැතැයි අවධාරණය කළේය.

මැතිවරණ සමයේ තම ජන කොටස්‌ සතුටු කිරීම සඳහා විවිධ ජාතීන් විවිධ පොරොන්දු ලබාදෙන බවත් 1948 සිට මෙවැනි ප්‍රකාශ නිකුත්කර ඇති බවත් හෙතෙම කීය.

අද සියලු දෙනාම කල්පනා කළ යුත්තේ ජාතිවාදය ආගම්වාදය නැවැත අවුස්‌සා රට විනාශයකට ගෙන යැම නොව වගකීමෙන් කටයුතු කර සිංහල, දෙමළ, මුස්‌ලිම්, බර්ගර් වැනි සියලු ජාතීන්ට සතුටින් ජීවත් විය හැකි පරිසරයක්‌ නිර්මාණය කිරීම බව කිරිඇල්ල මහතා පැවැසීය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6964622590828562742

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item