ශ්‍රී ලාංකික අයිසිස් ත්‍රස්‌තයාගේ පවුලේ 10 ක් අයි. එස්.(IS) එකට බැඳිලා?
අයිසිස් ත්‍රස්‌තයකු ලෙස කටයුතු කළ නිලාම් මුෂින් ඇතුළු පවුලේ දස දෙනකු තුර්කියේ සිට ඉරාකයට පැන ගොස් ඇත. මේ බව හෙළිවී ඇත්තේ තුර්කි රජය සිදුක...
https://www.sathhanda.com/2015/07/isis-sri-lanka.html
අයිසිස් ත්‍රස්‌තයකු ලෙස කටයුතු කළ නිලාම් මුෂින් ඇතුළු පවුලේ දස දෙනකු තුර්කියේ සිට ඉරාකයට පැන ගොස් ඇත. මේ බව හෙළිවී ඇත්තේ තුර්කි රජය සිදුකළ විමර්ශනයේදීය. මේ දස දෙනා සංචාරක විසා මත පසුගිය දෙසැම්බර් මස තුර්කියට පැමිණි බව තුර්කි තානාපති ඉස්‌නෙන්දර් ඕක්‌යෑයි විසින් හෙළිකර ඇත.
ඉස්‌තාන්බුල් අගනුවරට පැමිණි හෝටලයක නතර වී සිටි මොවුන් පසුව අතුරුදන්වී තිබේ.
තුර්කි තානාපතිවරයා තවදුරටත් දක්‌වන්නේ නිලාම් මුසින්ගේ පියා හා මවද, ගැබිනි බිරියද එකී දසදෙනාගේ කණ්‌ඩායමට අයත් වූ බවයි. නිලාම්ගේ මස්‌සිනාවූ අහමද් නජුඩින් නමැත්තා අයිසිස් ත්‍රස්‌ත සංවිධානයට බැඳි සිරියාවේ සිටින බවද තුර්කි බලධාරීන් සොයාගෙන ඇත.
මේ අතර නිලාම් මුසින් අයිසිස් ත්‍රස්‌ත සංවිධානයට බැඳී ඇත්තේ ට්‌විටර් යන සමාජ වෙබ් අඩවි ඔස්‌සේ යයි අනාවරණය වී ඇත.
අයිසිස් සංවිධානය සම්බන්ධව වෙබ් අඩවි 3000 ක් ඇතැයි ඉන්ටර්පෝල් පොලිසිය ඊයේ (27 දා) හෙළි කළේය.
මෙම ශ්‍රී ලාංකික අයිසිස් ත්‍රස්‌තයා ගැන තොරතුරු සෙවීමට ශ්‍රී ලංකා පොලිසිය ඉන්ටර්පෝල් පොලිසියේ සහය පතා ඇත.


Related